IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අවංක නිලධාරීන්ගේ ආරක්ෂාව සුව ඇමති තහවුරු කරයි

(නිමල කොඩිතුවක්කු)

ඖෂධ ක්ෂේත්‍රයේ වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය කොන්දේසි විරහිතව  පෙනී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.

ජාවාරම්කරුවන්ගේ හෝ එම කණ්ඩායම්වල අභිලාෂයන් වෙනුවෙන් අමාත්‍යාංශය හෝ රජය කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.‍ෙ

ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටලු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලුම සේවකයින් ධෛර්මත් කිරිමට වැඩපිළිවලක් සකස් කරන බවත් කොළඹ - 02 පිහිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හදිසි නිරීක්ෂණයකට එක්වෙමින් ඔහු පැවසීය.

ගුණාත්මකභාවය, තත්ත්වය, මිල ඇතුලු ඖෂධ සම්බන්ධ සියලු කටයුතුවල දී ගැටලු මතු වුවහොත් කණ්ඩායමක් ලෙස සියලු දෙනා ඊට වගකිව යුතු බවත් ජයතිස්ස මහතා කීවේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පස් වසර ජාතික අවශ්‍යතාවයට අනුව සැළසුම්, ඉලක්ක සහ මනා ඉදිරි දැක්මකින් යුතුව ප්‍රධාන අංශ කිහිපයක් මුලික කර මෙහෙයවීමට සහ විධිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය. 



අදහස් (0)

අවංක නිලධාරීන්ගේ ආරක්ෂාව සුව ඇමති තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site