
(සුජිත් හේවාජුලිගේ )
එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දෙමින් ඊට අදාළ අස්වීමේ ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (5) බාරදී ඇත .
කෙසේ වෙතත් ජනාධිපතිවරයා අලි සබ්රි මහතාගේ එම ඉල්ලා අස්වීමේ ලිපි බාරගෙන නැතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
ජනාධිපතිවරයා හමුවුණු අලි සබ්රි මහතා නීති සකස් කිරීමට රටේ නිශ්චිත ක්‍රමවේදයක් පවතිද්දී මෙවැනි කාර්යසාධක බලකා මාර්ගයෙන් නීති සකස් කිරීමට යෑම අනවශ්‍ය ගැටළු මතු වන්නක් බව පෙන්වා දී ඇත.
එම පත් කිරීම සම්බන්ධයෙන් තමාගේ පැහැදීමක් නැතැයිද අධිකරණ ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇතැයි දැනගන්නට ඇත.
මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය තමා පත්කළේ තමාට එම කාරණයට අදාළව උපදෙස් ගැනීමට විනා අන් දෙයකට නොවන බවයි. එසේම නීති සකස් කිරීමේ කටයුතුවලදී අනිවාර්යෙන්ම අධිකරණ ඇමැතිවරයාගේ දායකත්වය ලබා ගන්නා බවද ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දී ඇත.
අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගේ කාර්ය සාධනය ජනාධිපතිවරයා මෙහිදී ඉහළින්ම අගය කර ඇතැයිද වාර්තා වෙයි.
ඉහත පත් කිරීම සම්බන්ධයෙන් සමහරුන් තුළ පවතින්නේ වැරදි අවබෝධයක් බවද වහාම එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇතැයි දැනගන්නට ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාටකය අවසන්. සියල්ලෝම සතුටින් විසිරගියහ.
තවත් එක් නාටකයක් මෙසේ ආරම්භ වන වගයි .
ඒකාධිපතිත්වය රජයන විට වෙන දේවල්. දැන් කලයුතු එක දෙයයි.
හා හා... මරු වැඩ තමයි වෙන්නේ... කොහෙන්ද හිනාවෙන්න ඕනේ කියලා මට නොතේරෙයි.
මේ අමතිකෙනෙක්ද නැත්නම් කවුද, මේ මහ බයගුල්ලෙක්නේ...
ඉල්ලා අස්වීම පිළිගත්තද, නොගත්තද තමන්ට අවශ්‍ය නම්, ඒ කාර්යයේ නොයෙදී ඉන්නට පුළුවන් .. ඒ නිසා මේවා මේ නිකං ලකුණු දාගන්න හා වෙනත් වාසි ලබන්න කෙරෙනා වැඩ. නිකං සද්දෙට පිම්බුණත්, පිළිගන්න බැහැ කිව්වාම නිකම්ම බැලුම් බෝලේ හුලං ගියා වගෙයි පෙනී යන්නේ. ජනපති තුමා කියන්නේ, එක රටක් එක නීතියක් වැඩේට සමහර දෙනා තුළ තියෙන්නේ වැරදි අවබෝධයක් ලු.
ඥානසාර හිමිත් උන්නාවේ! හිස්බුල්ලත් ඇන්නෑවේ!
ඒ කියන්නේ හාම්පුතා කියනකම් සේවය කරන්න ඕනේ. ඕකට අපේ පුරාණේ කිව්වේ වැඩවසම් ක්‍රමය කියලා.
මේ වගේ කාර්යසාධක බලකායවල් හදන්නේ තමන්ට උදවු කරපු අයගේ හිත සතුටු කිරීමට හැර අන් කුමකටද?
පොඩි ටෙලි වීඩියෝ ක්ලිප් එකක්ද කොහෙද.
මේක සබ්‍රීගේ නාටකය. මේ දවස්වල මේ අය යොදාගෙන ඉන්නේ ප්‍රතිරූපය ගොඩනගන්න.
රාජ්‍ය පරිපාලනය පිළිබද දැක්මක් නොමැති පාලකයින් සිටින රටක් කිසිදා දියුනුවක් නොදකී. වරද එචැනි පාලකයින් පත් කරගන්නාවූ ජනතාව දැරිය යුතුය.
ඔන්න ඔය ලිපිය බාරගන්න. නාමල්ට ඕකත් කරතැහැකි...
තවත් රඟපෑමක්...
ටෙලිපෝන් එක අරගෙන ජනාධිපතිතුමාගෙන් ඇහුවානම් ඔය ටික එයැයි කියනවනේ... මේ අඬබෙර කාරයෝ ඇරගෙන, පින්තූර කාරයින් පිරිවරාගෙන මක්කටෙයි බාරදුන්නේ ලිපි...!!! ජනාධිපතිගෙ වචන දෙකයි... මොකක්ද ලිව්වෙ කියලාවත් මේ උන්දැට දැන් මතක නෑ... අනේ මෙයාගේ නාඩගම් !!!
20 සංශෝධනයේදි විමල් වීරවංශ ජනාධිපතිවරයා ඉදිරියේ සංවේදී වුණා වගේ අලි සබ්රි මහතාද සංවේදී වී ඇත. ආත්ම ගෞරවයක් ඇති මිනිසුන් අපි දකින්නේ මෙවැනි මොහොතකයි. ජනාධිපතිවරයා ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ව රැවටීමක් කළාද? නැතිනම් අලී සබ්රි මහතාව රවටනවාද? එසේත් නොමැතිනම් තම බලය තහවුරු කර ගැනීමට ගවසම්පත රවටා ගැනීමට ගන්නා උත්සාහයක්ද?
අලි සබ්‍රි යනු, උගත්, දක්ෂ පෙරකොදෝරු මහත්තයෙක්... විධායක ජනාධිපතිට කරන්න බැරි දෙයක් නැහැ කියලා ජේ.ආර්. මහත්තයා කියා තිබුණට අද තමයි දැක්කේ..! බලන්න මෙයාවත් ‘‘නලුවෙක්‘‘ කරා එහෙනම්. කාලය මැවු වෙනස?
අලි සබ්‍රිට අධිකරණ ඇමතිකම දීලා ළංකර ගත්තේ නිකම්ද..? පවුලේ උදවියට තියෙන නඩු... වෙනත් අරමුණු ඉෂ්ට කරගන්ඩ.. පහුගිය කාලේ සිද්ද වුණු දේවල් දිහා බැලුවාම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
අන්තිමට හාමුදුරුවන්ට අලි කෑල්ලක් ලැබුණා. අලි සබ්‍රිට සරු වුණා.. එක රටක් විහිලු ගොඩක් වුණා...
නීතිය හදාරපු කෙනෙක් විදිහට අලි සබ්‍රිගේ තීරණයට අපිද එකඟ වෙමු..
බළලා මල්ලෙන් පැන්නා එළියට... හලෝ සබ්‍රී මහත්තයෝ හීන් නූලෙන් මෙතන ආගම් වාදය ගෙනියනවා නේද?... ඔබ අසාද් සාලිගේ ෂරියා නීතිය ඉල්ලීමට විරුද්ධ වුනේ නැහැ. ඇයි ඔබ ඥානසාර හිමිගේ පත්වීමට විරුද්ධ වන්නේ? ඔබට අසාද් සාලි ලොකු මිනිහෙක් නම් අපිට ඥානසාර හිමි ඊට වඩා බොහොම ලොකු හිමිනමක්. මෙතෙක් කල් රට පාලනයකළ පාහරයින් ඔබලාගේ රට මුස්ලිම් කරණය කිරීම සිංහල අපිට සඟවාගෙන හිටියා. දැනුයි අපි දන්නේ රටේ සිදුවුණු දේවල්... අපි ඔබගේ පත්වීමට විරුද්ධ වුනේ නැහැ. ඔබ ගියා කියලා අපිට පාඩුවක් නැහැ. අපිට ඔබව ඕනෙත් නැහැ. ඔබ එහෙම නම් මේ රටේ කිසිම තැනක් මුස්ලිම් ජාතිකයෙකුට දියයුතු නැහැ. ගම්මිරිස් මල්ලත් අරන් යන්න..
ජනාධිපතිතුමනි, මේ ගොයියෝ යටින් මොනවා කරනවාද දන්නේ නැහැ. හම්බයෙකුගේ වුවමනාවට හිමිනමක් ඉවත් කළොත් රටම හම්බකරණය කළා වෙනවා. සබ්‍රිලාගේ සේවය තාවකාලිකයි. භික්ෂුවකගෙන් ජාතියට වෙන සේවය ජීවිත කාලයටම ලැබෙන දෙයක්. ඒ සේවය දේශපාලුවන්ගෙන් නොලැබුණු බව අපි දැක්කා.
කවුරුත් හිතපු දෙයක්... අපිට ඔවැනි දේවල් අලුත් නැහැ. අනේ කරුණාකරලා අලුත් තිරනාටකයක් ලියන්නකෝ....
ඔන්න අලිසබ්රිත් කේවල් කරන්න පටන් ගත්තා. කොහොමද අපි සුලුජාතිකයින් ඉන්න රජයක් පිහිටුවා ගත්තා නම්...? මෙලහකටත් ශරියා නීතිය ඇවිල්ලා. ඔන්න ඕකයි කියන්නේ කවුරු හෝ මහජාතියේ අයගෙන් ආණ්ඩු පිහිටුවන්න ඕනේ කියලා. සිංහලයනි, සතේකට ඔය වර්ගය විශ්වාස කරන්න එපා...
69 ලක්ෂයෙන් ලක්ෂ කීයක් කැමති උනාද මෙයාව අධිකරණ ඇමති කරපු වෙලේ. ඔය වැඩේට හාමුරුවන්ව දාපු එකට මෙයාට විරුද්ධ වෙන්න තියෙන අයිතිය මොකක්ද. වෙන මොනවත් නෙවෙයි ලැජ්ජානැතිකම. මේ ගොල්ල කටක් හෙල්ලුවද ඔය අන්තවාදය ගැන. ගෝඨාභය එපාවෙන්න එක හේතුවක් තමයි මෙයාව අධිකරණ ඇමති කරපු එක.
මේ ඔක්කොම යාලුවෝ මල්ලි... ලබන ඡන්දෙදි සෙට් එකම එළියට දමමු...
තවත් නාට්‍යක්.
යන්නනම ඕන නම් නොකියා රට ගියානම් පස්සේ නොදන්ව සේවයට නොපැනීම නිසා සේවය අත්හැර ගිය කියලා ලියුමක් එවයි එච්චරයි.
අපි මේකටත් රැවටුනා
නීතිය ගැන ද ඔයිට වඩා දන්නා වෙන කිසි කෙනෙක් හිටියේ නැද්ද ඔය කමිටුවට පත්කරන්න.
ජනාධිපතිතුමා අවස්ථා 3කදී මේ ගැන කියල තියෙනවා.
කවුරු මොනවා කිව්වත් යන්න ඕන මිනිහට යන්න දෙන්න ඕන බලෙන් තියාගන්න ඕන නැහැ.
ජනාධිපති කල කී දෙය මම අගය කරමි.
එක්කෝ මේ ඔක්කොම හිතන්නේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා.
තොවිලයක් නොතිබුණත් බෙරේ බාගයක් ගිහින්
ලෝක ජනගහනය අඩු කරන්න යන වැඩ පිළිවෙලක් තියනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ලංකාවේ නුඹලයි දකුණු ආසියාවයි තමයි පෙරමුණේ ඉන්නේ. තව බූස්ටර් අපි එවනවා මාස දොළහට දොළහක් වුණත් උඹලා ආසාවෙන් ගහගන්නවනේ. මේ ගමන් අතුරු ආබාධ ආවොත් අපේ බේත්දෙනවා... නුඹලාට එතකොට බේත්වල කොලිටිය බලාගන්න පරීක්ෂණෙත් ඒ ගමන්ම ඉවරයි...
මළ විකාර නාඩගම්... ප්‍රශ්න හදලා හදලා සියල්ල කරන්නේ ජනතාව අන්දවන්න.
ඉතින් කිය කිය ඉන්න ඕනේ නැහැනේ... යන්නකෝ... බොරුවට පොඩි සෝබනයක් දාලා බලන්න ඇති. හැමකෙනාටම කියලා කාලෙ නාස්ති කරන්න එපා..
සර් කියන්න ඇති "ඉල්ලා අස්වෙන්න ලියුමක් දෙන්න. මම බාර නොගෙන ඉන්නම් " කියලා.
උපදෙස් ගන්න මරු... ඥානසාර හිමි තමයි මේ රටේ ඇතිවුණු ජාතිවාදි කෝළාහලවලට වගකියන්න ඕනෑ... මහ කරුමයක් ඕක...
මන්ත්‍රී කමෙන් ඉල්ලා අස්වෙන්න ලියුම දෙන්න ඕනි කතානායකටනේ... මිනිස්සු රවට්ටන නරිවාදන් එපා. ඇමතිකම ඉල්ලා අස්වීම ජනපතිට අදාළ වුණත් මන්ත්‍රීකම පාර්ලිමේන්තුවට දෙන්න ඕනෑ කියලා මේ නීති විශාරද අධිකරණ ඇමති දන්නේ නැද්ද?