
මහවැලි බි කලාපයට බලපා ඇති අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අලි වැටවල් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මූලික අදියර වශයෙන් අලි වැටවල් අටක් ඉදිකිරීමට ගොවි සංවිධාන වෙත අවශ්‍ය උපකරණ බෙදාදීම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සහභාගිත්වයෙන් මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයේ දී සිදු කළේය.
මහවැලි බි කලාපය ආවරණය වන පරිදි මෙම වසර තුළ අලි වැටවල් දහතුනක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ පනස් හයක මුදලක් වෙන් කර ඇති අතර මෙහිදී අලි මිනිස් ගැටුම බහුලව පවතින ප්‍රදේශවල මෙම අලි වැටවල් ඉදිකිරීමෙන් අනතුරුව සියලු නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ ගොවි සංවිධාන මගිනි.
මහවැලි බි කලාපයේ මෙතෙක් අලි වැටවල් ඉදිකිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ මූල්‍යය දායකත්වය ලබාදුන් අතර එම අලි වැටවල් නඩත්තු කරන ලද්දේ සිවිල් ආරක්ෂක බලකාය විසිනි.
ඒ අනුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ තවත් ආයතන කිහිපයක අනුග්‍රහයෙන් බි කලාපය ආවරණය වන පරිදි ඉදි කිරීමට යෝජිත මෙම අලි වැටවල් රැක බලා ගැනීම සහ ඒවා නඩත්තු කිරීම් කටයුතු කිරීමට ගොවි පවුලකින් රුපියල් 3,000 ක මුදලක් එකතු කරන අතර එම මුදල ගොවි සංවිධානයේ තැන්පත් කරගනිමින් අලි වැටට සිදුවන හානියකදී එම මුදලින් ඒවා යළි සකස් කර ගැනීමට යොදා ගන්නා බවද මහවැලි බි කළාපීය පරිසර නිලධාරී සමීර රංග මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතියට අනුව සිංහපුර කොට්ඨාශය ආවරණය වන පරිදි අලි වැටක් ඉදිකර තිබෙන අතර එමගින් පැරකුම්යාය, සිංහපුර,දිඹුලාන ගම්මානවලට මාස දෙකකට වැඩි කාලයකදී වන අලි නොපැමිණි බව මහවැලි බි කලාපීය පරිසර නිලධාරී සමීර රංග මහතා සඳහන් කළේය.
මහවැලි බි කලාපයේ,මහවැලි කොට්ඨාස අටක් ආවරණය වන පරිදි මෙම අලි වැටවල් 13 ඉදිකරන අතර ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අලිවැට නඩත්තුව ගොවි සංවිධාන මගින් සිදුකරන බවත්,මූලික අදියරේ ගෙවතු ආරක්ෂා කිරීමට ඉදිකරන ලද මෙම අලිවැට 2025 වර්ෂයේදී කුඹුරු බිම් වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහාද ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බව සමීර රංග මහතා වැඩිදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි වැටට වඩා හොඳම විසඳුම ලංකාවේ සියලුම කැලෑ වටා පවුරක් හදනඑක. එතකොට කාටවත් බලෙන් ඉඩම් අල්ලන්න බෑ. අපේ කැලෑ ආරක්ෂා වෙනවා.
මේවා පැලැස්තර. අලිමංකඩවල් ගැන ප්‍රමුඛතාවයක් දෙන්නේ නැතුව මොනවා කලත් වැඩක් වෙන්නේ නැහැ. වැට හදල මදි. ඒක නිසි පරිදි නඩත්තු කලයුතුයි. එය ඉතාම වැදගත්.හරි හමන් ආරක්ෂිත වැඩපිළිවෙලක් කරන්න කාට හරි වුවමනාවක් තියෙනවා නම් විශාල වශයෙන් අලි රංචු ඉන්නා අප්‍රිකානු රටවල, විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ, මේ වැඩේ කරන්නේ කොහොමද කියා කවුරුහරි යවලා සොයා බැලුවොත් තමයි හොඳ. ඒ රටවල් වලින් උපදෙස් සහ උදව් ලබාගෙන අලින්ට හෝ මිනිසුන්ට අසාධාරණයක් නොවෙන ආකාරයට උසස් ප්‍රමිතියකින් යුක්තව මේවා ඉදිකළ යුතුයි. මිනිස්සුන්ට තමන්ගේ භවබෝග, ගෙවල්, දොරවල්, දරුමල්ලෝ වටිනවා. අලින්ට තමන්ගේ වාසස්ථාන වටිනවා. මේ සරල යතාර්ථය තේරුම් අරගෙන කටයුතු කිරීම වැදගත්. මේ ගම්වල දහ දුක් විඳින අහිංසක මිනිස්සු කොහොමද මේවා නියම ආකාරයට හදා ගන්නේ?
රජය කරහැර ගොවි සංවිධාන වෙත තමන් ආරක්ෂා වීමේ වගකීම පටවා ඇත. මේ මහාචාර්ය කල්ලියෙන් මීට වඩා දෙයක් රට බලාපොරොත්තු විය නොහැක...