(මනෝප්‍රිය ගුණසේකර)
මාර්ගයක් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට ලග්ගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට එරෙහි අල්ලස් නඩුවේදී බොරු සාක්කි දුන් බව පිළිගත් එම ප්‍රාදේශීය සභාවේ හිටපු රියදුරෙකු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (31) නියම කළේය.
සාක්කිකරු පැමිණීල්ලට අගතිදායක අන්දමින් බොරු සාක්කි දෙන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඔහු රිමාන්ඩ් බාරයට පත් කළ විනිසුරුවරයා මෙම නඩු විභාගය අවසානයේදී බොරු සාක්කිදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුවක් පවරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.
අධිකරණය හමුවේ බොරු සාක්කි දුන් බව පිළිගත් ලග්ගල ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු වශයෙන් වසර 27ක කාලයක් කටයුතු කොට මේ වන විට විශ්‍රාමිකව සිටින 61 හැවිරිදි කේ.ජී. ගුණතිලක නමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කළේය.
2017 වසරේදී මාර්ගයක් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ලග්ගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ප්‍රදීප් රණසිංහ නැමැත්තාය. විත්තිකාර ලග්ගල ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම් ප්‍රදීප් රණසිංහ නැමැත්තාට එරෙහි නඩුවේදී පැමිණීල්ල වෙනුවෙන් සාක්කි දෙමින් සිට කේ.ජී. ගුණතිලක නමැත්තා අල්ලස් කොමිසමට ලබාදුන් කටඋත්තරයට පටහැනි අන්දමින් සාක්කි ලබාදෙන බව අධිකරණයට දැනුම් දුන් පැමිණීල්ල මෙහෙයවු අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය ඔහු පැමිණීල්ලට අගතිදායක සාක්කිකරුවකු වශයෙන් නම් කොට ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසු අවස්ථාවේිදී තමන් අධිකරණයේ දිවුරුම් පිට බොරු සාක්කි දුන් බව පිළිගත්තේය.
ඒ අවස්ථාවේදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සාක්කිකරු රිමාන්ඩ් බරයට පත් කළ විනිසුරුවරයා ඔහුට ඇප ලබාගැනීමට හැකියාව ඇත්තේ අභියාචනාධිකරණයෙන් පමණක් බවද දැනුම් දුනනේය.
මෙම නඩුවේ සාක්කි විභාගය අවසානයේදී දිව්රුම් පිට බෙරු සාක්කිදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වෙනම නඩුවක් පැවරීමට අල්ලස් කොමිසමට නියම කළ විනිසුරුවරයා වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි 02 වැනිදා දක්වා කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd