(මනෝප්‍රිය ගුණසේකර)
මාර්ගයක් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට ලග්ගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට එරෙහි අල්ලස් නඩුවේදී බොරු සාක්කි දුන් බව පිළිගත් එම ප්‍රාදේශීය සභාවේ හිටපු රියදුරෙකු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (31) නියම කළේය.
සාක්කිකරු පැමිණීල්ලට අගතිදායක අන්දමින් බොරු සාක්කි දෙන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඔහු රිමාන්ඩ් බාරයට පත් කළ විනිසුරුවරයා මෙම නඩු විභාගය අවසානයේදී බොරු සාක්කිදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුවක් පවරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.
අධිකරණය හමුවේ බොරු සාක්කි දුන් බව පිළිගත් ලග්ගල ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු වශයෙන් වසර 27ක කාලයක් කටයුතු කොට මේ වන විට විශ්‍රාමිකව සිටින 61 හැවිරිදි කේ.ජී. ගුණතිලක නමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කළේය.
2017 වසරේදී මාර්ගයක් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ලග්ගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ප්‍රදීප් රණසිංහ නැමැත්තාය. විත්තිකාර ලග්ගල ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම් ප්‍රදීප් රණසිංහ නැමැත්තාට එරෙහි නඩුවේදී පැමිණීල්ල වෙනුවෙන් සාක්කි දෙමින් සිට කේ.ජී. ගුණතිලක නමැත්තා අල්ලස් කොමිසමට ලබාදුන් කටඋත්තරයට පටහැනි අන්දමින් සාක්කි ලබාදෙන බව අධිකරණයට දැනුම් දුන් පැමිණීල්ල මෙහෙයවු අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය ඔහු පැමිණීල්ලට අගතිදායක සාක්කිකරුවකු වශයෙන් නම් කොට ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසු අවස්ථාවේිදී තමන් අධිකරණයේ දිවුරුම් පිට බොරු සාක්කි දුන් බව පිළිගත්තේය.
ඒ අවස්ථාවේදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සාක්කිකරු රිමාන්ඩ් බරයට පත් කළ විනිසුරුවරයා ඔහුට ඇප ලබාගැනීමට හැකියාව ඇත්තේ අභියාචනාධිකරණයෙන් පමණක් බවද දැනුම් දුනනේය.
මෙම නඩුවේ සාක්කි විභාගය අවසානයේදී දිව්රුම් පිට බෙරු සාක්කිදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වෙනම නඩුවක් පැවරීමට අල්ලස් කොමිසමට නියම කළ විනිසුරුවරයා වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි 02 වැනිදා දක්වා කල් තැබීය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් නඩුවකට බොරු සාක්කි දුන්නාට මතක හිටින පාඩමක්