(මනෝප්‍රිය ගුණසේකර)

රජයේ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තුන හමාරකට අධික අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා විත්ති වාචක නොකදවාම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් විත්තිකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

2007 ජනවාරි මස හො ඊට ආසන්න කාලයක දී පුද්ගලයින් තිදෙනකුගෙ දරුවන්ට රජයේ රැකියා ලබාදෙන බවට පවසා ඔවුන් රවටා රුපියල් 3,65,000/- මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා හයක් යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.