IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අල්ලස් ගන්න ගිය පොලිසියේ දෙන්නෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මත්ද්‍රව්‍ය  සන්තකයේ තබාගත් බවට බොරු චෝදනා කර එයට නීති මගින් කටයුතු නොකර සිටීමට යැයි පවසා රුපියල් ලක්ෂ 2 ක මුදලක් ඉල්ලා එයින් රුපියල් 20000 ක මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත පොලිස් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව  අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාවකියයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට අනුයුක්ත  පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. සිද්ධියට සම්බන්ධ තවත් කොස්තාපල්වරයෙකු පලා ගොස්ඇත.

ඉකුත් 7 වෙනිදින  රාත්‍රී සැකකරුවන් තිදෙනා රාගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නිවසට ගොස් මත්කුඩු ග්‍රෑම් පනහක් සන්තකයේ තබා ගත් බවට බොරු චෝදනා කර එයට නීති මගින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා එයින් රුපියල් 20000ක මුදලක් ලබා ගත් බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

අල්ලස් ගන්න ගිය පොලිසියේ දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 459 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1661 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site