(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම පිටිපන සුවපබුදුගම ප්‍රදේශයේ පෙර පාසල් ගුරැවරියකගේ දරුවන් මරා මරා දමන බවට දුරකතන ඇමතුම් ලබාදී තර්ජනය කර ලක්ෂ විස්සක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ග්‍රාම නිළධාරීවරයා මෙම 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් බන්ඳු ලියනගේ මහතා අද (12) දින නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ හෝමාගම පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රුවන් කුමාර නැමැති ග්‍රාම නිලධාරී වරයෙකි.
රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ලබා නොදුනහොත් දරුවන් තිදෙනා මරා දමන බවට හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියකට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඉල්ලූ ලක්ෂ විස්සක කප්පම් මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අත් අඩංගුවට ගත් එම ප්‍රදේශයේ ම ග්‍රාම නිළධාරීවරයා හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් මෙලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිසා තමයි හැට ගණන්වල මුල් කාලය දක්වා පැවැති ගම් මුලාදෑනි තනතුර අහෝසි කර ග්‍රාමසේවක තනතුර ඇතිකලේ. ඒත් සමහරක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ගම්පති පියස කියලා එකක් අටවාගෙන තියෙනවා මේක ගම්පති තනතුරු තිබුනේත් ග්‍රාමසේවක තනතුර ඇතිකරන්න පෙර තමයි දැන් දැන් තත්වය ඔහොම නම් සිරිමාවෝ මැතිණියගේ කාලයේ ඇතිකල ග්‍රාමසේවක තනතුර නැවතත් ඇතිකිරීම ඉතාමත් හොඳයි... මේ කාලයේ තවත් වරදක් වෙනවා මොකක්ද කිව්වොත් මෑතක් වනතුරුම ග්‍රාම නිලධාරින් නිකුත්කරන සහතික අනු අත්සන් කළේ කාර්‍යාලයේ කෙනෙක් වුණත් දැන් ඒක ඔවුන්ගේ කෙනෙක්ම කරනකොට වංචා වැඩිවෙනවා...
අද රටේ මෙවැනි සිද්ධීන් බහුල වී ඇත්තේ මෙවැනි අපරාධවලට..., ඒවාට සරිලන දඬුවම් නොලැබීමයි.
මේක අල්ලස් ගැනීමක් බොවේ. කපිපමි ගැනීමක් ලෙස වෙනස් වියයුත්තේ.
කොහේද යන්නේ මල්ලෙ පොල්...
ඉහළ ඉඳලා රජයේ ඉහලම ඉඳලා පහළ නිලධාරීන් දක්වා ඉතා වේගයෙන් මේවානම් ( අල්ලස්, කප්පන්, දුෂණය, හොරකම ) ගලාගෙනයනවා ලස්සනට සංවර්දනය කෙසේ වෙතත්.