
(රෝෂන් තුෂාර)
උප්පැන්න සහතිකයේ නම වෙනස් කර දීම ඇතුළු කටයුතු කරදීමට රුපියල් 50 000 ක් වටිනා මත්පැන් බෝතල් දෙකක් ඉල්ලා පසුව රුපියල් 40000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කොළඹ 15 මාදම්පිටිය ග්‍රාම නිලධාරීවරයා ලබන 06 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24)නියෝග කළේය.
ග්‍රාම නිලධාරීවරයා පසුගිය 13 වෙනි දිනය මෙම අල්ලස ඉල්ලා ඇති බවත්,14 වෙනි දින අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව පසුගිය 23 දින අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවකලා කාලයේ පැය 24 පුරාවට සේවය සැපැයීමට ඔවුන් සූදානම් වෙලා හිටියා... අපිට ඔවුන් හමුවෙලා වැඩක් කරගන්න හැකියාව තිබුණා... මට රැකියාවක් සඳහා හෙට එන්න කියලා අද සවස විදුලි පුවතක් ලැබුණා. දින මතක නැහැ.. ග්‍ර්‍රාමසේවා සහතික අරගෙන එන්න කියලා තමයි තිබුනේ ඉතින් මම හැන්දෑව හතට විතර ග්‍රාම සේවක මහතා හමුවෙන්න ගියා.. මට එවෙලේම එය ලියා දුන්නා දැන් අපිට ඉන්න නෝනා නිලධාරි වුණත් වරදක් නැහැ.. කාරණය කිව්වාම හදලා තියෙනවා... ඒත් බොහෝමයක් නිලධාරි එහෙම නැහැ..
අම්මෝ ඔව් මරණ දඬුවම දෙන්න ඕනෑ...