(රෝෂන් තුෂාර)

දිවා ආහාර ටෙන්ඩරය ලබාදීම සඳහා තුටු පඩුරක් ලෙස රුපියල් තිස් දහසක මුදලක් ලබා ගත්තේ යැයි සැකයට අත් අඩංගුවට පත් ඇහැලියගොඩ (දෙමළ විද්‍යාලයේ) ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා ලබන 11 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(03) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පසුගිය විසි එක්වෙනි දින අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ අශෝක් කුමර් නැමැති අයෙකි.

සැකකරු විසින් සුභසාධන කටයුතු සඳහා වන ටෙන්ඩරය අනුමත කර දීම සඳහා රුපියල් තිස් දහසක මුදලක් ඉල්ලාඇති අතර මුලින් රුපියල් දස දහසක් ලබාගෙන ඉතිරි රුපියල් විසිදහස ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය.