(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නීතිය ක්‍රියාත්මක කරන ආයතන අත්අඩංගුවට ගන්නා හෙරොයින් "පාන් පිටි" බවට පත්වී බොහෝ අවස්ථාවල  නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදීම  වෙළෙඳපොළට  නැවතත් පැමිණ ජනතාව අතට පත්වන ප්‍රවණතාවක් පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)  පැවසීය.

හෙරොයින් අත්අඩංගුවට ගන්නා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින්ම ඒවා  නැවතත් ජනතාව අතරට යවනු ලබන තත්වයක්ද   පසුගිය කාලයේදී දක්නට ලැබුණු  බවත්  එවැනි වැරදි කළ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ බවත් හෙතෙම සඳහන් කළේය.

රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.