IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’අලියා ශක්තිමත් කරන්න පෙරමුණ ගන්නවා’’

(අංජුල මහික වීරරත්න)

මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු  කැපවී ඉටු කිරීමට ශක්තිය දෙන්නැයි රනිල් වික්‍රමසිංහ නායකතුමාගෙන් ඉල්ලා සිටි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

තව වසර පහකින් ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම තම බලාපොරොත්තුව බවද විජයවර්ධන මහතා කීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන් සඳහා සහභාගී වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය.

"අපට අලියා අමතක වන්නේ නැහැ. මහ මැතිවරණයේදීත් අප අලියාගෙන් යමු යැයි පුන පුනා කිව්වා.රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස තිබුණේත් මේ කණ්ඩායම අලියා යටතේ සන්ධාන ගත වීමයි.නමුත් සන්ධානයේ අනෙක් පාර්ශ්වකරුවන් ඊට කැමැත්තක් දැක්වූයේ නැහැ.ඉදිරි මැතිවරණ සඳහා අපට අලියාගෙන් එන්න හැකිවේ යැයි සිතනවා"යැයි රුවන් විජයවර්ධන මහතා පැවසීය.



අදහස් (7)

’’අලියා ශක්තිමත් කරන්න පෙරමුණ ගන්නවා’’

රට වැසියා Monday, 04 November 2024 02:16 PM

1946 වසරේ ඩි.එස්. සේනානායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කරන්නේ ‍සංවර්ධන ව්‍යාපාරයක් හැටියට, පක්ෂයේ දේශපාලන අරමුණ එතරම්ම තිබුනේ නෑ. එය දැඩි දේශපාලනකරණයට ලක්වෙන්නේ 1977 ජේ.ආර්. කාලයේදී, පක්ෂය ජනතාවට එපා වෙන්න ගන්නවා, ප්‍රේමදාස විනාශය දිගටම කරගෙන යනවා. රනිල් උන්නැහේ පක්ෂය නැතිකරලම දානව. දැන් පක්ෂය ගොඩ ගන්න පුලවන්ද කියන එක බරපල ගැටලුවක්.

:       4       11

Perera Monday, 04 November 2024 02:19 PM

අලියාව ශක්තිමත් කරන්න ගෑස් සිලින්ඩරයක් අමුණලා හරියන්නේ නෑ

:       5       9

dileepa1986 Monday, 04 November 2024 03:10 PM

ලංකාදීප පුවත්පත ගැන මම හැමදාමත් හොද දකින්නෙ ඒකයි. මෙම ප්‍රවෘත්තය දාලා තියෙන්නෙ මෙම පුවත්පතේ හිමිකාරය‍ ගැන. මෙම ප්‍රවෘත්තියට ලැබුණු නරක ප්‍රතිචාරයත් එම ලෙසම පෙන්නුම් කරනවා. ඉතාමත් අපක්ෂපෘති ප්‍රවෘත්ති සේවයක්

:       1       15

ගමේ එකාලා Monday, 04 November 2024 03:20 PM

දවල් හීන දකිනවා .දෙකට තුනට කැඩිලා ගිහින්,නන්නත්තාර වෙලා තියෙන්නේ....ආයේ පූට්ටු කරන එක ලෙහෙසි වෙන එකක් නැහැ .

:       5       16

අරවින්ද මොනරවිල Monday, 04 November 2024 05:45 PM

අලියා ශක්තිමත් කරන්න හදන්නේ අර බූරුවාත් තියාගෙනද...?

:       0       0

ජයනාත් Monday, 04 November 2024 06:54 PM

කණගාටුයි. ආයේ අලියා නම් කෙලින් කරන්න බැරිවෙයි.

:       2       5

පොඩිඑකා Monday, 04 November 2024 09:10 PM

පුළුන් පුරෝලා කෞතුකාගාරෙක තැම්පත් කරන්න... අර මාලිගාවේ ඇතා වගේ…!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site