
(අංජුල මහික වීරරත්න)
මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කැපවී ඉටු කිරීමට ශක්තිය දෙන්නැයි රනිල් වික්‍රමසිංහ නායකතුමාගෙන් ඉල්ලා සිටි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
තව වසර පහකින් ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම තම බලාපොරොත්තුව බවද විජයවර්ධන මහතා කීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන් සඳහා සහභාගී වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය.
"අපට අලියා අමතක වන්නේ නැහැ. මහ මැතිවරණයේදීත් අප අලියාගෙන් යමු යැයි පුන පුනා කිව්වා.රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස තිබුණේත් මේ කණ්ඩායම අලියා යටතේ සන්ධාන ගත වීමයි.නමුත් සන්ධානයේ අනෙක් පාර්ශ්වකරුවන් ඊට කැමැත්තක් දැක්වූයේ නැහැ.ඉදිරි මැතිවරණ සඳහා අපට අලියාගෙන් එන්න හැකිවේ යැයි සිතනවා"යැයි රුවන් විජයවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1946 වසරේ ඩි.එස්. සේනානායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කරන්නේ සංවර්ධන ව්‍යාපාරයක් හැටියට, පක්ෂයේ දේශපාලන අරමුණ එතරම්ම තිබුනේ නෑ. එය දැඩි දේශපාලනකරණයට ලක්වෙන්නේ 1977 ජේ.ආර්. කාලයේදී, පක්ෂය ජනතාවට එපා වෙන්න ගන්නවා, ප්‍රේමදාස විනාශය දිගටම කරගෙන යනවා. රනිල් උන්නැහේ පක්ෂය නැතිකරලම දානව. දැන් පක්ෂය ගොඩ ගන්න පුලවන්ද කියන එක බරපල ගැටලුවක්.
අලියාව ශක්තිමත් කරන්න ගෑස් සිලින්ඩරයක් අමුණලා හරියන්නේ නෑ
ලංකාදීප පුවත්පත ගැන මම හැමදාමත් හොද දකින්නෙ ඒකයි. මෙම ප්‍රවෘත්තය දාලා තියෙන්නෙ මෙම පුවත්පතේ හිමිකාරය ගැන. මෙම ප්‍රවෘත්තියට ලැබුණු නරක ප්‍රතිචාරයත් එම ලෙසම පෙන්නුම් කරනවා. ඉතාමත් අපක්ෂපෘති ප්‍රවෘත්ති සේවයක්
දවල් හීන දකිනවා .දෙකට තුනට කැඩිලා ගිහින්,නන්නත්තාර වෙලා තියෙන්නේ....ආයේ පූට්ටු කරන එක ලෙහෙසි වෙන එකක් නැහැ .
අලියා ශක්තිමත් කරන්න හදන්නේ අර බූරුවාත් තියාගෙනද...?
කණගාටුයි. ආයේ අලියා නම් කෙලින් කරන්න බැරිවෙයි.
පුළුන් පුරෝලා කෞතුකාගාරෙක තැම්පත් කරන්න... අර මාලිගාවේ ඇතා වගේ…!