IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අලුතින් මුදල් අච්චු ගැහුවේ නෑ

(අංජුල මහික වීරරත්න)

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අලුතින් මුදල් අච්චු ගැසීමක් කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

එමෙන්ම කිසිම රටකින් අලුතින් ණය ගැනීමක් සිදුකර නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එලෙස අලුතින් මුදල් අච්චු ගසන්නට මහ බැංකු පනත යටතේ අවසර නැති බව කී අමාත්‍යවරයා හොරෙන් මුදල් අච්චු ගහන්නට හැකියාවක් නැති බව කීය.

එලෙස මුදල් අච්චු ගැසීමක් කර තිබේ නම් එය කළ යුත්තේ නව මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර දිසානායක මහතාගේ අත්සනින් බව කී කැබිනට් ප්‍රකාශකවරයා  මුදල් අච්චු ගැසුවේ නම් ජනතාවට එය දකින්නට ලැබෙනු ඇති බව සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී  වෙමින් විජිත හේරත් මහතා මේ බව කීය. 



අදහස් (8)

අලුතින් මුදල් අච්චු ගැහුවේ නෑ

ශාන් Tuesday, 29 October 2024 12:01 PM

මේක අර රත්තරං කාරයා නැවේ සල්ලි ගේනවා කියලා කිව්වා වගේම කතාවක්නේ. සල්ලි අච්චු ගහනවා කියන්නේ ඇත්තටම සල්ලි මුද්‍රණය කිරීම කියලාද ඇමැතිවරයා හිතාගෙන ඉන්නේ...?

:       5       2

himal Tuesday, 29 October 2024 12:06 PM

සල්ලි අච්චු ගහනවා කියන්නේ රජය රටේ වාණිජ බැංකු වලින් ණය ගන්නවාට. මහ බැංකුව බැඳුම්කර නැත්නම් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළාම ඒවා රටේ වාණිජ බැංකු මිලට ගත්තාම ඒකට කියන්නේ සල්ලි අච්චු ගහනවා කියලා තමයි. එහෙම කියන්නේ සරලව. ඕකේ තාක්ෂණික වදන වෙන්නේ ඉල්ලුම් තැන්පතුවල බහුවිධ ප්‍රසාරණය...!

:       7       4

මුදිත් Tuesday, 29 October 2024 12:29 PM

ඒක මිසක් ! අපි හොඳටම බය වුණා...!!

:       2       6

සෙනෙවිරත්න Tuesday, 29 October 2024 02:07 PM

ඔව් ඒක පිළිගන්න පුළුවන්..., මොකද සජබෙ ආර්ථික කමිටුවේ හර්ෂ වෙනුවට කවිරත්න නෝනා මූල්‍ය පැත්ත කතා කරනකොට එහෙම හිතුණා.

:       2       7

අමල් Tuesday, 29 October 2024 04:51 PM

තඹුත්තේගම අනුරගේ අත්සන තියෙන මුදල් නෝට්ටුවක් හම්බවුනොත් අටපට්ටමට කියන්නෝනේ ! මෙයා වගේ කෙනෙක් හොඳ අඹේවෙල ගොවිපොළේ පට්ටි දාන්න මිසක් වෙන එකකට නෙමෙයි ! බියගම තෝමස් ඩී ලාරු කොම්පැනිය, එකවර මුදල් නෝට්ටු තොග මුද්‍රණය කරලා, මහා බැංකුවේ ඇනවුම් අනුව ඒවා නිකුත් කරන බව ශ්‍රී ලංකාවේ රජයේ මාධ්‍ය ප්‍රකාශක දන්නේ නැහැ කියහල්ලකෝ ! තඹුත්තේගම අනුරගේ අත්සන තියෙන මුදල් නෝට්ටු සංචිත coming soon...! මොකද මුද්‍රණය කරලා තිබුණු මුදල් නෝට්ටු තොග ඉක්මනින් ඉවර වේගන යන්නේ..., මේ ආණ්ඩුව දේශීය වෙළඳපොලෙන් ණය ගන්න වේගෙට...!

:       6       6

සෙනෙවිරත්න Tuesday, 29 October 2024 06:01 PM

අමල් තමන් කියන බොරු පිළිගන්නද කියන්නේ? අපි විශ්වාස කරන්නේ මාධ්‍ය ප්‍රකාශක කියන එක. තහනම් දෙයක් කරන්නේ කොහොමද? තමන්ට හිතෙන දේ මෙතැන ජනගත කරන්න එපා...!

:       4       2

අමල් Tuesday, 29 October 2024 07:47 PM

අනේ සෙනවිරත්න, ඒ කාලෙත් ඔයා වගේ රෙදි නැතුව මාලිමාවට කඩේ යන අය පිළිගත්තේ අර පහුගිය රජයේ මාධ්‍ය ප්‍රකාශක වෙලා හිටිය බන්දුල ගුණවර්ධන කියපුවාද? මේ වගේ රජයේ මාධ්‍ය ප්‍රකාශකළාට ඡන්දෙ දෙන ගම්පහ මලිමාවේ අයගේ රෙදි left...!

:       0       2

Asanga thiththagalla gamage Wednesday, 30 October 2024 10:53 AM

ගන්න උත්සාහා කරා. ඒක කරගන්න බැරි උනා. ඊට කලින් සේරම පිටවුනා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site