
(අංජුල මහික වීරරත්න)
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අලුතින් මුදල් අච්චු ගැසීමක් කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
එමෙන්ම කිසිම රටකින් අලුතින් ණය ගැනීමක් සිදුකර නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එලෙස අලුතින් මුදල් අච්චු ගසන්නට මහ බැංකු පනත යටතේ අවසර නැති බව කී අමාත්‍යවරයා හොරෙන් මුදල් අච්චු ගහන්නට හැකියාවක් නැති බව කීය.
එලෙස මුදල් අච්චු ගැසීමක් කර තිබේ නම් එය කළ යුත්තේ නව මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර දිසානායක මහතාගේ අත්සනින් බව කී කැබිනට් ප්‍රකාශකවරයා මුදල් අච්චු ගැසුවේ නම් ජනතාවට එය දකින්නට ලැබෙනු ඇති බව සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් විජිත හේරත් මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අර රත්තරං කාරයා නැවේ සල්ලි ගේනවා කියලා කිව්වා වගේම කතාවක්නේ. සල්ලි අච්චු ගහනවා කියන්නේ ඇත්තටම සල්ලි මුද්‍රණය කිරීම කියලාද ඇමැතිවරයා හිතාගෙන ඉන්නේ...?
සල්ලි අච්චු ගහනවා කියන්නේ රජය රටේ වාණිජ බැංකු වලින් ණය ගන්නවාට. මහ බැංකුව බැඳුම්කර නැත්නම් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළාම ඒවා රටේ වාණිජ බැංකු මිලට ගත්තාම ඒකට කියන්නේ සල්ලි අච්චු ගහනවා කියලා තමයි. එහෙම කියන්නේ සරලව. ඕකේ තාක්ෂණික වදන වෙන්නේ ඉල්ලුම් තැන්පතුවල බහුවිධ ප්‍රසාරණය...!
ඒක මිසක් ! අපි හොඳටම බය වුණා...!!
ඔව් ඒක පිළිගන්න පුළුවන්..., මොකද සජබෙ ආර්ථික කමිටුවේ හර්ෂ වෙනුවට කවිරත්න නෝනා මූල්‍ය පැත්ත කතා කරනකොට එහෙම හිතුණා.
තඹුත්තේගම අනුරගේ අත්සන තියෙන මුදල් නෝට්ටුවක් හම්බවුනොත් අටපට්ටමට කියන්නෝනේ ! මෙයා වගේ කෙනෙක් හොඳ අඹේවෙල ගොවිපොළේ පට්ටි දාන්න මිසක් වෙන එකකට නෙමෙයි ! බියගම තෝමස් ඩී ලාරු කොම්පැනිය, එකවර මුදල් නෝට්ටු තොග මුද්‍රණය කරලා, මහා බැංකුවේ ඇනවුම් අනුව ඒවා නිකුත් කරන බව ශ්‍රී ලංකාවේ රජයේ මාධ්‍ය ප්‍රකාශක දන්නේ නැහැ කියහල්ලකෝ ! තඹුත්තේගම අනුරගේ අත්සන තියෙන මුදල් නෝට්ටු සංචිත coming soon...! මොකද මුද්‍රණය කරලා තිබුණු මුදල් නෝට්ටු තොග ඉක්මනින් ඉවර වේගන යන්නේ..., මේ ආණ්ඩුව දේශීය වෙළඳපොලෙන් ණය ගන්න වේගෙට...!
අමල් තමන් කියන බොරු පිළිගන්නද කියන්නේ? අපි විශ්වාස කරන්නේ මාධ්‍ය ප්‍රකාශක කියන එක. තහනම් දෙයක් කරන්නේ කොහොමද? තමන්ට හිතෙන දේ මෙතැන ජනගත කරන්න එපා...!
අනේ සෙනවිරත්න, ඒ කාලෙත් ඔයා වගේ රෙදි නැතුව මාලිමාවට කඩේ යන අය පිළිගත්තේ අර පහුගිය රජයේ මාධ්‍ය ප්‍රකාශක වෙලා හිටිය බන්දුල ගුණවර්ධන කියපුවාද? මේ වගේ රජයේ මාධ්‍ය ප්‍රකාශකළාට ඡන්දෙ දෙන ගම්පහ මලිමාවේ අයගේ රෙදි left...!
ගන්න උත්සාහා කරා. ඒක කරගන්න බැරි උනා. ඊට කලින් සේරම පිටවුනා.