(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම, පයාගල ,බේරුවල පොලිස් වසම් තුනෙහි සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් පුද්ගලයන් 75 දෙනෙකු කොවිඩ් 19 ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (11)සඳහන් කළේය.
ගත වූ දින විසි හතරක් තුළ පුද්ගලයන් 2703 දෙනකු වෙනුවෙන් ජනවරි(10 )දින කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලට අනුව මොවුන් ආසාදිතයන් බවට හඳුනාගැනිණි.
බස්නාහිර පළාත් මායිමේ අළුත්ගම පොලිස් වසම තුළ ගාලු පාර දී අවස්ථා 18 කදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට පුද්ගලයන් 1894දෙනෙක්ද ,ධර්ගා නගරයේදී 254, බේරුවල නගර සභාව සහ ධීවර වරාය පරිශ්‍ර තුළ දී 265 ,පයාගල පොලිස් වසමේ මග්ගොන අක්කර මලේ දී 290 ද වන ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සඳහා පුද්ගල 2703 දෙනෙකු පොලිස් සහ සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් සිදුකර ඇත.
දර්ගා නගරයේ දී 10 දින සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් පාදාගොඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ04 දෙනෙකුට සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් ඇතුළු 06දෙනෙක් කොරෝනා ආසාදිත බව එදිනම හඳුනාගත් බව අලුත්ගම පොලීසියේ කොවිඩ් පැතිරයාම වැළැක්වීමේ ඒකකයේ නිලධාරීහු සඳහන් කළහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අලුත්ගම-බේරුවල-පයාගල අහඹු පරීක්ෂණවලින් 75කට කොරෝනා