IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අලුත් සමථකරණ පනත පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

සමථ කරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්‍පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වාණිජ සමථ කරණය සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස විශේෂයෙන්ම සකස් කරන ලද 2000 අංක 44 දරන වාණිජ සමථකරණ මධ්‍යස්ථාන පනත තාක්ෂණික හේතු සහ සීමාවන් කිහිපයක් හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. එබැවින්, අදාළ පනත පරිච්ඡින්න කිරීම, වාණිජ සමථකරණය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අවම ප්‍රමිතින් ඇතුළත් කිරීම සහ අදාළ නියමයන් සපුරාලීමට යටත්ව අධිකරණ පද්ධතිය මඟින් සමථකරණ විසඳුම් බලාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම යන අරමුණු සහිතව නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2022-12-05 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. 

ඒ සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍ය මණ්ඩලය විසින් ද 2025-02-09 දින සිය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල් ) පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

අලුත් සමථකරණ පනත පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 418 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 125 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 802 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site