IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය මූලික මිනිස් අයිතියක් කරනවා

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය සදහා ජනතාවට ප්‍රවේශ වීමට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම අයිතිවාසිකම කඩවන  අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා එමගින් ජනතාවට හැකි වන්නේ යැයි ද  අමාත්‍යවරයා කීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ  වාර්ෂික සමාජ සත්කාරක උත්සවය සදහා එක් වෙමිනි.

කොළඹ මහවැලි කේන්ද්‍ර ශාලාවේදී මෙය පැවැත්විණි.

 දීර්ඝ ඉතිහාසයක් හිමි මෙරට සෞඛ්‍ය සේවාව ඉදිරියට පත්වා ගෙන යාමේ දී ව්‍යුහාත්මක වෙනසකට ඉතා කඩිනමින් පරිවර්තනය විය යුතු බව ද ⁣අමාත්‍යවරයා පැවැසීය. 



අදහස් (4)

අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය මූලික මිනිස් අයිතියක් කරනවා

මැක්ස් Monday, 23 December 2024 03:57 PM

රජයේ රෝහල්හි ඇති ප්‍රධාන ගැටලුව අධික රෝගී තදබදය යි. වස විස සහිත ක්ෂණික ආහාර ගන්නා ජාතියක් මෙන්ම අරක්කු කසිප්පු බොන ජාතියක් බවට පත්වී ඇති අප දැන් එම නිසාම රෝගී වී හමාර ය. එම පිරිස සමග දොස්තරවරුන්, හෙද හෙදියන්, සුළු සේවකයන් කරන්නේ සුළුපටු සේවාවක් නොවේ. මේ නොමේරු ඇමැත්තා මුලික අයිතිවාසිකම් නාමයට මුවා වී නටන්න හදන නාඩගම නිසා ඉහත කී පිරිසට තම තමන්ගේ රැකියාවන් එපා වෙන්නත් ඉඩ තියෙනවා.

:       16       4

ස්ටැන්ලි Monday, 23 December 2024 05:11 PM

සෞඛ්‍යය වගේම අධ්‍යාපනයත් මූලික මිනිස් අයිතිවාසිකමක් වියයුතුයි...

:       0       0

dileepa1986 Monday, 23 December 2024 04:11 PM

ඔබතුමා කියන විදියට එහෙනම් කිසිම ලෙඩක් හැදෙන්නෙ නැතිව ඉන්න ඕනේ. රටේ කන්න තියෙන දේවල් තමයි මිනිස්සු කන්නේ. එහෙනම් මුලින්ම ක්ෂණික ආහාර අරක්කු ආදී සියලු දේවල් නවත්තන්න ඕනේ. මැක්ස් වෙලාවට සෞඛ්‍යට සම්බන්ධ සේවකයෙක් වෙන්න ඕනේ. ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට තියාගෙන වර්ජන කරේ ඔබතුමාලා නේද?

:       0       0

Jagath Monday, 23 December 2024 04:56 PM

මැක්ස්, මේ නොමේරූ තැනැත්තාට වඩා කෙහෙළිය හොඳයි නේද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site