(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා පදනම් ආයතනයට වසර 50ක් පිරීම නිමිත්තෙන් එම ආයතනයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ‘සී ටීවී (SEE TV)’ රූපවාහිනි නාලිකාව සහ ‘එස්.එල්.එෆ්. රේඩියෝ (SLF Radio)’ ගුවන් විදුලි සේවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ආරම්භ කෙරුණි.
දුරස්ථ අධ්‍යාපනයට සහ අධ්‍යාපනික වැඩසටහන්වලට විශේෂ ඉඩක් වෙන් කරමින් ආරම්භ කෙරුණු එම රූපවාහිනි නාලිකාව පියෝ ටීවී අංක 128 සංඛ්‍යාතය ඔස්සේ නැරැඹිය හැකි අතර ගුවන් විදුලිකාව වෙබ් අඩවිය ඔස්සේ පිවිසිය හැකිය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයට වසර 50ක් පිරීම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයට පිවිසීම සඳහා නව ප්‍රවේශ දොරටුවක් ද විවෘත කරන ලදි.
එම ප්‍රවේශ දොරටුව ජර්මනියේ පළමු ජනාධිපති ෆෙඞ්ඩ්රික් ඊබට් මහතාගේ නමින් නම් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකා පදනම් ආයතනය ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකා පදනම සහ ‘ද ෆ්රෙඞ්ඩ්රික් ඊබට් ස්ටිෆ්ටන්ග්’ ආයතනය අතර ඇති කරගන්නා ලද ගිවිසුමකට අනුවය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ‘ඩිජිටල් ඡායාරූපකරණ පාඨමාලාව 2018’ හැදැරූ සිසු සිසුවියන් 140 දෙනකුගේ නිර්මාණ දැක්වෙන් ‘අයිමාර්ට්’ ඡායාරූප ප්‍රදර්ශනය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
මීට අමතරව ජනාධිපතිවරයාගේ අතින් ‘ද සිග්නේචර් ඔෆ් ද එක්ස්සෙකටිව් (Signature of The Executive)’ වෙබ් අඩවිය නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන ‘ස්මාර්ට් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තෙවැනි මධ්‍යස්ථානය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. ‘ස්මාර්ට් ශ්‍රී ලංකා’ වැඩසටහන තරුණයන් සවිබල ගැන්වෙන වෘත්තීය සහ අධ්‍යාපන මාර්ගෝපදේශන වැඩසටහනකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර, ජනාධිපති ලේකම් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ශ්‍රී ලංකාවේ වැඩබලන ජර්මානු තානාපති ඇන්ඩෘස් බර්ග්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභපාති මහින්ද දේශප්‍රිය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී. කුමාරසිරි සිරිසේන, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සභාපති ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ, ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහනේ අධ්යක්ෂ ජෙනරාල් එරික් වීරවර්ධන, තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ එනකොට මේකත් ඡන්ද වැඩ වලට හරවා ගනීද දන්නේ නැහැ. අනිත් නාලිකා බොහොමයක්ම වාගේ එක කට්ටියකටනේ තල්ලුව.
නැතුව බැහැ නේ. පන්දම් අල්ලන වෙනත් මෙලෝ දෙයක් නොදන්නා නුගත් බංකොලොත් ආචාරියන් මහාචාරියන් සහ උවූන්ගේත් ඇම්බැට්ටයෝ ටිකක් දා ගත්තම වැඩේ ජිල්මාර්ට් එකට කෙරෙනවා.
මේ ගුවන්විදුලි සේවය වෙබ් ලිපිනය කරුණාකර දෙන්න ගූගල් මගින් සොයා ගත නොහැක.. ස්තුතියි!!!
එදා සරල ගොවියා අද කෝටිපතියා.. කොහොමද බොලේ ඒ ?
ශ්‍රී ලංකා පදනම් ආයතනයට 50 වසරක් සපිරුණු මේ සුවිශේෂ අවස්ථාවේ ඊට හදවතින්ම සුබ පතන අතරම මෙම ආයතනය හා මාගේ ජීවිතයත් අතර තිබු සුන්දර මතකයන්ද මේ අවස්ථාවේ සිහියට නැගෙනවා. ජර්මනියේ මාගේ පශ්චාත් උපාධි අධ්‍යාපනය අවසන් කොට 1981දී ලංකාවට පැමිණි පසු මා කළ ප්‍රථම රැකියාව පදනම් ආයතනයට සම්බන්ධවයි. එවකට ෆ්රෙඩ්රික් ඊබර්ට් පදනමේ අධ්‍යක්ෂක වූ ආචාර්ය පීටර් බර්න්ඩ් හා මමද එකම විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයන් වීමත් ජර්මනියේදී එවකට බලයේ සිටි සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සාමාජිකයින් සමග තිබු මිත්‍රත්වයත් හේතුකොටගෙන ආචාර්ය පීටර් බර්න්ඩ් ගේ උපදේශකයෙක් ලෙස වසරක පමණ කාලයක් පදනම් ආයතනයට මාගේ සේවය ලබා දීමට හැකියාව ලැබුණා.. ෆ්රෙඩ්රික් ඊබර්ට් පදනම විසින් රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ ලංකාවේ පැවැත්වූ ප්‍රථම පාඨමාලාවට ඇතුල් වීමේ වාසනාව මටද හිමිවූ අතර ඒ හේතුවෙන්ම ජාතික රූපවාහිනියේ ආරම්භක සාමාජිකයෙක් වීමේ වරප්‍රසාදයද මා හට හිමිවූ බව මෙනෙහි කරන්නේ ස්තුති පූර්වක හද පිරි සතුටකින්...
ඔය මහාචාර්ය මහත්තය දැන් කොහෙවත් වැඩ කරන්නේ නැද්ද? එහෙම නැත් නම් එන්.ජී.ඕ. එකකවත් වැඩ කරනවද?
චතුරිකා සිරිසේන ඔය ටීවී කොම්පැනියේ මොනවද කරන්නේ...?