
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.
පළමුවෙන්ම කථානායකවරයාගේ සම්ප්‍රාප්තිය සිදුකෙරුණු අතර පෙ.ව 11.10 ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී පාර්ලිමේන්තුවේ කථානායකවරයා පිළිගත්තේය.
අතර පෙ.ව 11.15 ට අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සිදු කෙරිණි.ඉන් අනතුරුව පෙරවරු 11.20ට ජනාධිපතිවරයාගේ පැමිණීම සිදුවිය.
කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගත්තේය.
ඉන් අනතුරුව වේත්‍රධාරී සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් ජනාධිපති පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලැබීය.
ජනාධිපතිවරයා පරිවාර රථ වලින් තොරව පාර්ලිමේන්තුවට පැමිණීම සුවිශේෂී සිද්ධියක් විය.ඉතා චාම් අයුරින් නව පාර්ලිමේන්තු විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.







(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් චාම් ආරම්භක සැසියක් දැක්කමයි. සුබ පැතුම්. අපි ඉල්ලපු වෙනස. ඊලඟ වෙනස දකින්නේ නිදහස් උත්සවයක දී 2025.
මෙවැනි දසුනක් දැකීමත් සතුටක්. ජතාවගේ පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !අපේ රටට යහපතක්ම වේවා.
පුටින්ව කොපිකරලා වගේ ඇවිදින්නේ. අපි අපිනේ ප්‍රශ්නයක් නැහැ.