
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන එදින 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී පස්වරු 3.00 ට රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.
පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදී විශේෂ කටයුතු ලෙස කතානායකවරයා පත් කරගැනීම, මන්ත්‍රීවරුන් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත්කර ගැනීම යනාදි කටයුතු සිදු කෙරේ.
මේ දිනයේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් මහ ලේකම්වරිය විසින් දරනු ලැබේ.
පළමු දිනයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර මන්ත්‍රීවරුන්ට රිසි අසුනක අසුන් ගැනීමට අවස්ථාව උදාකර දෙනු ලබන බව වැඩ බලන මහලේකම්වරයා කීය.
සෙංකෝලය සභාගර්භයේ තැන්පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනය මහලේකම්වරිය දිනයේ පළමු කාර්ය ලෙස ඉදිරිපත් කරනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිඳු පැරදුණු අපේක්ෂකයෙක්ගේ නමක් දැනට තරග කළ පක්ෂ එවා ඇති ජාතික ලැයිස්තුවලින් පිට ගැසට් කිරීම, දිවුරුම් දීම, ඒ සඳහා අනුබල දීම නීති විරෝධි වන අතර එය ජනතා පරමාධිපත්‍ය උදෑසනම උල්ලංගනය කිරීමක් බව සිහිපත් කර සිටිමි.
අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම තිබුනේ නොවැම්බර් 14දා බිමල් රත්නායකගේ නිදන කාමරේ ! බිමල් කතානායක, සමන්මලී ගුණසිංහ මන්ත්‍රී, - ඝනපුර්නයක් තිබුනේ නැතුවට , වැදගත් තීරණ රැසක් එදාට ගන්න පුළුවන් වුනා! විශේෂයෙන් ප්‍රජා සෞඛය, ජනගහන වර්ධනය සහ කාන්තා විමුක්තිය සහ සම අයිතිවාසකම් සම්බන්ධයෙන් ! සමන්මලීගේ දිව්රුම්දීම, කතානායක ඉදිරියේ දණගසා දිව්රුම්දීමක්ලු...!