(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව පැමිණි නව තානාපතිවරු අට දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර බාර දුන්හ.
මෙක්සිකෝ, භූතානය, පැරගුවා, ලක්ෂම්බර්ග්, රුසියාව, ඕමානය සහ ප්‍රංශය සඳහා නව තානාපතිවරුන් ද ඝානා රාජ්‍ය සඳහා මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්ව සිටිති.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙක්සිකෝ නව තානාපති ලෙස ෆෙඩෙරිකෝ සලාස් ලොට්ෆේ (Federico Salas Lotfe) , භූතාන නව තානාපතිවරයා ලෙස රින්චෙන් ක්වෙන්සිල් (Rinchen Kuentsyl) , පැරගුවා නව තානාපතිවරයා ලෙස ෆ්ලෙමින් රවුල් ඩෝටේ (Fleming Raul Duatre) , ඝානා රාජ්‍යයේ නව මහකොමසාරිස් ලෙස ක්වාකු අසෝමා චෙරමේ (Kwaku Asomah Cheremeh) , ලක්ෂම්බර්ග් රාජ්‍යයේ නව තානාපතිනිය ලෙස පෙගි ෆැන්සන් (Peggy Frantzen) , රුසියා නව තානාපති ලෙස ලෙවාන් Zගාරියන් (Levan Dzhagaryan) , නව ඕමාන තානාපතිවරයා ලෙස අහමඩ් අලී සයිඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) හා ප්‍රංශ නව තානාපතිවරයා ලෙස ජෝන් ෆ්‍රැන්කෝ පැක්ටේ Jean-Francois Pactet මහත්ම මහත්මීහු පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයට බලාගන්න පුළුවන් ලංකාවේ ඉන්න හොරු 134 පත්කළ ජනාධිපති...!
එක්කෙනෙක් අපායට....