(අංජුල මහික වීරරත්න)
උතුර සහ නැගෙනහිර සහ වයඹ පළාත් වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හෙට (17) පෙරවරුවේ දිවුරුම් දෙති.
වයඹ පළාත් අාණ්ඩුකාර ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම් චාල්ස්, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන් මහත්ම මහත්මීන්ගේ නම් යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ සහ නවීන් දිසානායක මහත්වරුන්ගේ නම් ද ආණ්ඩුකාර තනතුරු සඳහා යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් වල ආණ්ඩුකාරවරුන් ඉකුත් 15 දා සිට බලපැවැත්වෙන පරිදි ඉවත්කළ බව ජනාධිපති කාර්යාලය අද 16 වැනිදා නිවේදනය කළේය.
උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස ජීවන් ත්‍යාගරාජා,නැගෙනහිර ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස වසන්ත කරන්නාගොඩ මහත්ම මහත්මීහු කටයුතු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳයි හරිම හොඳයි. ගෙඩි පිටින් යුඇන්පී කාරයෝ කට්ටියක් වගේ. ආණ්ඩුකාර කියන්නේ අයිස් ජොබ් එකක්නේ. දැන් ඉතින් ජනතා චන්දෙන් ආවේ නැතත් මෝඩයන්ගේ චන්දෙන් ආපු නිසා ඕනි කෙලියක් කර ගන්න තියෙන්නේ.
උතුරේ කථා සාර්ථකයි කිව්වේ ඕක තමයි. රනිල් කාරයා බන්දේසියක තියලා රටින් කොටසක් දෙමළුන්ට දෙන්න හදන්නේ. තවටික දවසකින් පොලිස් බලතල දුන්නාම ISGA ගිවිසුම අත්සන් කරන්න විතරයි තිබෙන්නේ. ඝෝටා නැති රටට රනිලා රට කනයා කියන්න වෙනවා.
දේශපාලන වාසි තකා කරපු වැඩක්!
ඔක්කොම හෙන්චයියෝ තමයි
මෙහි දී චාල්ස් මහත්මිය යනු හිටපු දක්ෂ අවංක පරිපාලනය පිළබඳ මනා දැනුමක් ඇති නිලධාරිනියෙකි .එවැනි අය ආණ්ඩුකාරවරුන් ලෙස පත්කිරීමෙන් බිඳවැටී තිබෙන රාජ්‍ය පරිපාලනය යතා තත්වයට ගත හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු
නාකි පප්පො දෙකයි, නාකි පප්පිච්චියො එකයි. එන්න අපි නාකි නඩත්තු කරන්න බදු ගෙවමු.
පී.එස්.එම් චාල්ස් ගේම ලස්සනට ගහල වගේ
චාල්ස් කියන්නේ අවුරුදු දෙකක් පඩි අරන් මැතිවරණය ළඟ එනකොට බෑ කියලා ඉල්ලලා අස්වුනු කෙනා නේද
නැගෙනහිර මේ පාර සිංහලයෙකුට නේ .ඉතුරු පුදබිම් ටිකත් පැරණි කෝවිල් බවට ඔප්පුකරයි .සුළු චන්ද විතරයි පිනාට වැටෙන්නේ
තිරිකුනාමලේ අපට තියෙන සම්පතක්. මේ නගරයට සාධාරණයක් කරන්න මුදල් වෙන්කරන්නෙත් නෑ , කරන්න දෙන්නෙත් නෑ , කරන්න එකෙකුත් නෑ . ඒවාට මුදල් වෙන්කලත් චන්ද ප්‍රචාරණ වලට වියදම් කරන්නේ. ඒවගේ කරනෙවුන්ව තමයි පත්කරගන්නේ. උදාහරණයක් නම්, මාළු මාකට් එකේ මැද ගඩොල් සහ බිත්ති කඩපු කුණු ගොඩක් ගහල, මාළු විකුණන්නන් මාළු විකුනන්නේ බිම තියාගෙන. ලැජ්ජයි. ඕක කරන්න හෝ කරන්න යුතු යෝජනා ඉදිරිපත් කරන්න වාස්තු වේදී සංගමයට අරාධනා කර නිර්මාණකරුවන්ගේ යෝජනා ලබාගන්න. කැනඩාවේ ලස්සන වැන්කුවර්හි ආණ්ඩුකාරවරයා බවට පත්කළේ වාස්තු වේදියෙක් . ඔහු එම නගරය ඉතා ආකර්ශනියලෙස පරිවර්තනය කළා. තිරිකුනාමලේ සිතියම අරන් බලන්න මොනතරම් සුන්දර ලෙස එය පිහිටා ඇත්ද කියල. පරවී දුපතේ ස්නෝක්ලින්ග් / කිමිදෙන්න ඇතුල්වීමේ ගාස්තුව කියල පිටරටියෙක්ගෙන් ගන්නවා රුපියල් 15000/-ක්. නමුත් එම දුපතට ගියහම වැසිකිලියක් නැ . ප්රාතමිකත්වයේ සුන්දරත්වයක් තිබුනත් මුලික අවශ්‍යතාවයන්ට ගෙවන මුදලට කිසිවක් න. මීට අමතරව බෝට්ටුවට එක්කෙනෙකුට රුපියල් 7500/- යි. කිමිදෙනවානම් තව ටිකට් එකක් කඩනවා. ඉතින් මොකාද මෙහෙම වියදම් කරලා මේ තැන වලට එන්නේ? චාල්ස් මහත්මිය කරයි, බලන් ඉන්න.
හුචාල්ස්ගේ මූන දැක්කම ගොඩක් වැඩ කරන්න හිතේ තියාගෙන ඉන්නවා කියල පෙනෙනවා
මේක මේ විදිහට වෙන වග දැණුනා. ඒක තමයි පිනට පහළවුන් අරයගෙ දැක්ම. ආර්ථිකය නම් කවුරු හරි ගොඩ ගනී. ඊට වඩා හදන්න බැරි ප්‍රශ්න මතුකරලා තියලා මෙයා මාරුවෙන ලකුණු දැන් පෙන්නුම් කරනවා