(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආර්ථික අර්බුදයට සෘජුවම වගකිව යුතු පුද්ගලයන් ගුවන් තොටුපලේදි පා යුග සිඹ පිළිගැනීම එල්ලා මැරීමට බලා සිටින අලුගෝසුවාට සාදයක් පිරිනමනවා වගේ වැඩක් යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

උග්‍ර ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙන මොහොතේ තවමත් සීමිත කණ්ඩායමකට අර්බුදයේ ගැඹුර තේරුම් ගන්නට නොහැකි වී තිබෙන බව කී කබීර් හෂීම් මහතා මෙය ඔවුන්ගේ දුෂ්ට කුහකත්වය හෝ දේශපාලන අඳබාල බව විය යුතු බවද කීය.

රාජපක්ෂ පාලනය දිගින් දිගටම මෙවැනි අඳ බාලයන් පිරිසක් තමන් වෙනුවෙන් නඩත්තු කර තිබෙන බවද කබීර් හෂීම් මහතා කීය.

ආර්ථික ඝාතකයන් බොරුව, මුලාව ,විජ්ජාව විකුණා රට මෙවැනි ආර්ථික අර්බුදයකට ඇද දැමූ බව කී කබීර් හෂීම් මහතා මොවුන්ගේ තීරණ නිසා  රට වස්තු භංගත්වයට පත්ව තිබෙන බවද සඳහන් කළේය.