
(නිශාන්ත කුමාර)
තම ගෙවත්තට කඩා වැදුණු වන අලි රංචුවක් පැන්නීම සඳහා දල්වන ලද අලි වෙඩිල්ලක් අතේ පත්තු වීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු මීගහකිවුල රෝහලට අද (21) අලුයම ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි .
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51ක පුද්ගලයෙකි.
තම ගෙවත්තට කඩා වැදුණු වන අලි රංචුවක් ගෙවත්තෙහි වගා කර තිබූ බඩ ඉරිඟු යාය විනාශ කරනු දුටු මෙම පුද්ගලයා වන ජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාදී තිබූ අලි වෙඩිල්ලක් දල්වා අලියා දෙසට එල්ල කිරීමේදී එය කිසියම් දෝෂයක් හේතුවෙන් අතේදීම පුපුරා යාමෙන් අනතුර සිදුව ඇත.
වෙඩිල්ල අතේ පිපිරී යෑමෙන් ඔහුගේ වම් අතට බරපතළ හානි සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd