(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නැගෙනහිර පළාතේ අලි වැටට සම්බන්ධ රුපියල් මිලියන 1.5ක් පමණ වටිනා විදුලි උපකරණ 2020 වසරේදී සොරාගෙන ගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා)අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

මේ අතර රටේ අලි මිනිස් ගැටුම අඩුවක්වී නැතැයි එම කමිටුව කළ විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

2020 දෙසැම්බර් 31වැනිදා වනවිට අලි වැටෙහි දිග  කිලෝමීටර් 4.756ක් වුවත් ඇතැම් ඒවා අක්‍රීය තත්වයේ පවතින බව සොයාගෙන ඇතැයි එම කමිටුව පවසයි.