(බී.ජී.චතුරංග සහ රෝහණ චන්ද්‍රදාස)
මෙවර පැවති සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ඉගෙනීම් කටයුතු සඳහා පාසලට ඇතුළත් වීමට අයදුම්පත්‍ර භාර දීම සඳහා පාසලට යාමට සූදානම් වෙමින් සිටි පාසල් සිසුවකු අනුරාධපුර පූජා නගරයේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිසා වැව, නීරාවිය, දේවානම්පියතිස්සපුර හතරවන පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. රශීම් මොහොමඩ් රාසීද් නැමැති 17 හැවිරිදි හැවිරිදි පාසැල් සිසුවෙකි.
වී වෙළදාමේ කටයුතුවල නිරත වන ඥාති සහෝදරයෙකු බස් රථයකට ඇරලවා යතුරු පැදියකින් නැවත තම නිවස බලා ගමන් කරමින් සිටියදී අද අළුයම 4:45 ට පමණ එල්ලවූ වන අලි ප්‍රහාරයට මෙම සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
17 හැවිරිදි සිසුවෙක් ....... යතුරු පැදියකින් ..................... දෙමාපියන් නෙසැලිකිලිමත් සහ විනය ගරුක නොවන ....
නිමල්, අයි බැරි ? අවුරුදු 17 සම්පුර්ණ නම් සැහැල්ලු වාහන ,මෝටර් බයික් ලයිසන් ගන්න පුළුවන්. ලෝකය ගැන ටිකක් අප්ඩේට් වෙන්න
දැන් ඉතින් කියයි නිවන් සැප ලැබේවා කියලා . ගම් වැද මිනිසුන්ට පහර දෙන වන අලින්ට වෙඩි තියන්ට ඇයි මෙතරම් මැලි වන්නේ? ඒ මේ මිනිස්සු දුප්පත් නිසාද?
යතුරු පැදියකින් නැවත තම නිවස බලා ගමන් කරමින් සිටියදී අද අළුයම 4:45 ට මොහොමඩ් රාසිද් නැමැති 17 හැවිරිදි හැවිරිදි පාසැල් සිසුවා මෙලොව හැර ගියේ රටේ නීතියට නොව ඔවුන්ගේ නීතියට වයස ලයිසන් හෙල්මට් යතුරු පැදියෙන් යාමට අදාළ නොමැති නිසයි.
දහම් මහත්තයගේ කතාව වල්අලි ගැවසෙන ගම්මානවල ජීවත් වෙන අය හොඳට අහගන්න. ලයිසන් අරගෙන වාහනවලින් හැම දෙනාම ගමන් බිමන් යන්න පටන් ගත්තොත් අලින්ගෙන් බේරෙන්න පුළුවන් බවයි ඒ මහත්තයා කියන්නේ. පුදුම මොලයක් තමයි.
දහම් බලන්න ප්‍රවෘත්තිය අවුරුදු 17 ක යෞවනයෙක් පාන්දර තුනට හතරට තනියම යවන දෙමව්පියන් ගැන වෙන කොහොම කියන්නද. කොල්ල යවලා සැපට නිදන්න ඇති.
ගම්වල දරුවන් යතුරුපැදිය ට්‍රැක්ටරේ අරන් යනවා. දැන් ඒකේ වැරැද්දට වෙනම දඩයක් . ඒත් මේ වල් අලින්ට මෙහෙම ජීවිත විනාශ කරන්න ඉඩ නොතැබිය යුතුයි.එක්කෝ මේ සතුන් වෙනම කැලයකට කොටු කරන්න ඕනේ. නැත්නම් විදේශ වලට තෑගි දෙන්න ඕනේ. නැත්නම් ලංකාවේම සල්ලි තියන මිනිස්සුන්ට හදාගන්න දෙන්න ඕනේ .නැත්නම් අලි ගහනය පාලනය කිරීමට ක්‍රමයක් ඕනේ .කී දෙනෙක් මේ විදියට අලි ප්‍රහාර වලට ගොදුරු වෙනවද
මේ දරුවා නොයවා, එයාගේ තාත්තා ගියත් ඔය ටික තමයි වෙන්නේ... කරුමයක් තියෙනවා නම්. හොඳම දේ ඔයවගේ පැතිවල උදේ 6ට කළින් ගමන් නොයා ඉන්න එක... කළුවර නිසා අලියා ළඟට එනකම් පේන්නේ නැහැ. අනෙක වෙලාව ආවාම අපිට යන්න වෙනවා. තරුණද, මහළුද කියලා නැහැ. සමහර සොල්දාදුවෝ යුද්දෙට සහභාගිවෙලා කිසිම තුවාලයක් නොමැතිව ගමට ආවාම, අනතුරකින් මැරුණු අවස්ථා තියෙනවා. කොටි මරපු පොලිස් නිලධාරීන් එක්කෙනෙක් තුවාල ලබලා තියෙද්දීත්... කොටින්ගෙන් බේරිලා ආවා.. ඒ දරුවට උපදින ආත්මෙක මෙවන් කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
තරුණ කොල්ලෝ හිතුවක්කාරයි ගොඩක් වෙලාවට. මේ වගේ සිද්ධියක් වුණා වාහල්කඩ. ඉස්කෝලේ ළමයෙක් බයික් එකේ රෑ 8,9 අතරේ යනකොට මිනිස්සු කියලා තියෙනවා යන්න එපා අලියා ඉන්නවා කියලා. ළමයා ගණන් ගන්නේ නැතුව ගිහින්. පස්සේ අලියා ගහලා.. අලියට ලයිසන් තියෙනවාද? හෙල්මට් තියේද කියලා අදාල නෑ. එයා තිරිසන් සතා... දරුවාට ඔබ පතන ස්වර්ග මෝක්ෂය ලැබේවා.,!