IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලි පාසලට එති: ළමයි ගෙදර යති

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ලිලිත් නවරත්න)

ආරච්චිකට්ටුව කරුක්කුලිය මහා විදුහල් භූමියට අද 31 අලූයම අලින් රංචුවක් පැමිණීමත්  සමගම පාසල වසා දමා පැමිණ සිටි දරුවන් ආරක්ෂිතව නිවෙස් කරා යැවීමට කටයුතු කළ බව විදුහල්පතිවරයා පැවැසීය.

අලි තිදෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩාය පාසලට පැමිණීමත් පාසලේ සිටි ගුරු භවතුන් ශීෂ්‍ය ශිෂ්‍යාවන් කලබලයට  ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

අද අලුයම  6 . 30   පාසලට පැමිණි දරුවන් පිරිසක් වල් අලින් දැක ඇති අතර එම සිද්ධිය ආරංචි වීමත් සමග සියලූ මව්පියන් පාසලට පැමිණ දරුවන් පාසලෙන් රැගෙන යාමට කටයුතු කර ඇත.

අනතුරුව පාසලේ විදුහල්පති නිලාන් දර්ශන මහතා මෙම සිද්ධිය පොලීසිය දැනුවත් කර පාසලට  පැමිණෙමින් සිටි දරුවන් ආපසු හරවා යවා   පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තේය. දරුවන් 300ක පමණ ප‍්‍රමාණයක් මෙම පාසලේ අධ්‍යාපනය ලබන අතර ආචාර්ය මණ්ඩලය 17කි.

වනජීවි නිලධාරීහු පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් අලි පලවා හැරීමට කටයුතු කරති.



අදහස් (2)

අලි පාසලට එති: ළමයි ගෙදර යති

පැරකුම් Thursday, 31 August 2023 09:31 AM

හපොයි අපේ අලි සම්පතට නම් හානිකරන්න එපා. ලමයිනම් ඔය ඉන්නෙ ඕන තරම්…!

:       10       12

සිල්වා Thursday, 31 August 2023 11:09 AM

ළමයින්ගෙ ආරක්ෂාවට නම් ඕන තරම් ඉන්නව. අලින්ගේ ආරක්ෂාවට එච්චර නෑනේ.

:       3       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site