හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම අල්කාසිම් නිවාස යෝජනා ක්‍රමයෙන් නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් සමග අංගොඩ බෝවන රෝගායතනයට යැවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.
මෙම දැරිය සහ තවත් පිරිසක් මින්නේරිය කටුකෙලියාව යුධ හමුදා නිරෝධායන ඒකකයේ ඇගේ මව සමග නිරෝධායනය වෙමින් සිටියදි සිදුකල වෛද්‍ය පරික්ෂණ වලදි කොරෝනා ආසාධිත රෝගයට ගොදුරු වි ඇති බව සනාථ වි තිබුනි.
මෙම දැරිය අල් කාසිම් නිවාස යෝජනා ක්‍රමයේ හමුවු පලමු කොරෝනා ආසාදිත 62 හැවිරිදි පුද්ගලයා හා තවත් පිරිසක් සමග මන්නාරම තාරා පුරම් අවමගුලකට සහභාගි වු පිරිසෙන් අයකු බව කියයි.
පලමු ආසාදිතයා පසුගිය 7 දින කොරෝනා බවට සනාථ විමේන් පසු ප්‍රථිකාර සදහා අංගොඩ බෝවන රෝගායතනයට යවා තිබු බව කියයි.
මෙම පලමු ආසාදිතයාගේ වැඩිහමල් පුත්‍රයාද 15 දින කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ වි තිබුනී .
මේ අනුව සෞඛ්‍ය අංශ හා බුද්ධි අංශ මෙම ආසාධිත පිරිස් ඇසුරු කල පිරිස් සොයා ගැනිමට කටයුතු කරමින් සිටින බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා පැවසිය .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා