
(කාංචන කුමාර ආරියදාස )
ඇතුන් තිදෙනෙකු ඇතුළු වන අලින් 13 කගේ රංචුවක් සීගිරිය පොතාන ප්‍රදේශයේ වගා බිම් විනාශ කරමින් නිවෙස් ආසන්නයටද පැමිණ ජන ජීවිතයට තර්ජනයක්ව ඇතැයි ගැමියෝ කියති.
මිනිසුන්ගේ මෙන්ම මෙම අලි රංචුවේද ජිවිත අවදානමට ලක්ව ඇතැයි ද ඔවුහු පවසති.
මාසයකට අධික කාලයක සිට මෙම රංචුව සීගිරිය ප්‍රධාන මාර්ගයේ කිබිස්ස පොතාන ප්‍රදේශයෙන් මාර්ගය හරහා පැන ආරක්ෂිත විදුලි රැහැන් සහ විදුලි වැට සූක්ෂමව දළ වලින් කඩා අනෙක් අලින්ට වගා බිම් වලට ඇතුළු වීමට මග සලසන බවද ජනතාව කියති.
විදුලි වැට ඉවත් කිරීමෙන් අනතුරුව ගම් වදින මෙම වන අලි රංචුව පසුදා පහන් වන තුරුම ගම්මානයේ රැඳී සිටින බවත් මේ වන විට සිගිරිය පොතාන ප්‍රදේශයේ බඩ ඉරිඟු ,බතල, පොල් ආදී එළවළු වගාවන් සියල්ල විනාශ කොට ඇත .
වසර 50 කට අධික පොල්ගස් පවා බිමට පෙරලා දමා අතුවලට අමතර ගස් වල ඇති පොල් ගෙඩි පලා එහි මදය ආහාරයට ගැනීමට පුරුදුව සිටින බවද ජනතාව පවසති
මේ පිළිබඳව වනජීවී නිලධාරින් දැනුවත් කළ ද මෙතෙක් ඔවුන්ගේ සාධාරණ මැදිහත් වීමක් නොමැති බවද ජනතාව පෙන්වා දෙති.
ගම් වැසියන්ට කිසිදු ආකාරයකින් වන අලින් ඇතුන් ඝාතනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් බව භෝග ආරක්ෂා කර ගැනීම සඳහා ඇද ඇති විදුලි රැහැනකට හෝ විදුලි රැහැන් දළ යුගලයෙන් කැඩීමට උත්සාහ කරද්දී විදුලිය වැදුණහොත් ඇතුන්ගේ ජීවිත විනාශ වන බව පෙන්වා දෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින්ට කෑලෑවල කන්න දෙයක් නෑ, ඇති කෑලෑත් නෑ. ඔක්කෝම බදුර්දීන් වගේ හොරු විනාශ කරලා. අන්තිමට දුක් විඳින්නේ අහිංසක මිනිස්සු, අලි ඇතුළු සත්තු. මහඅය ඩොලර් මිලියන ගාණක් හොරකම් කරලා ස්විස් බැංකු පුරෝලා ඇති. කෝ බදුර්දීන් හිටවපු ගස්?
ඇයි බලන් ඉන්නේ. ඕකුන්ට වෙඩි තියපල්ලා. ලාල්කාන්ත මහත්තයා කිව්වා වගා පාළු කරන සතුන්ට ඕන දෙයක් කරන්න කියලා.