IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


අරාබියට ගිය ජනපති හරසරින් පිළිගනී

(අංජුල මහික වීරරත්න)

ලෝක රාජ්‍ය සමුඵව (WGS)ට සහභාගී වීම සඳහා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය. 

මෙම පිළිගැනීමේ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්ෂිලා ආර්නෝල්ඩා , ඩුබායි සහ උතුරු එමීරයන් සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ඇලෙක්සි ගුණසේකර මහත්වරු ඇතුළු ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයියෝ  පිරිසක්ද සහභාගී වූහ. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවීමට නියමිතව තිබිණි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.

අනතුරුව, ජනාධිපතිවරයා ඩුබායිහි පිහිටා ඇති සුප්‍රසිද්ධ අනාගත කෞතුකාගාරයේ (Future Museum) පැවැත්වෙන ‘TIME 100 Gala Dinner’ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වීමට නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද ජනාධිපතිවරයා සමඟින් මෙම සංචාරයට එක්ව සිටියි.



අදහස් (2)

අරාබියට ගිය ජනපති හරසරින් පිළිගනී

රුවන් Monday, 10 February 2025 08:04 PM

බොරු දාන්න එපා, මේවා හදපු පින්තූර. රනිල් මහත්තයා විතරයි ලොකු මිනිස්සු ඇසුරු කරේ.

:       0       0

Perera Monday, 10 February 2025 11:21 PM

ඩුබායි සිට ලංකාවේ පාතාලය මෙහෙයවන එවුන්ට සුභ අනාගතයක් වගෙයි

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
2025 මැයි මස 08 246 0

මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේ


කෝසලගේ පුටුවට ආ සමන්ත දිවුරුම් දෙයි
2025 මැයි මස 08 106 0

ජාතික ජන බලවේගයේ කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් හිස් වූ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය


වතිකානයෙන් තවමත් කළු දුම
2025 මැයි මස 08 804 0

පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීම වතිකානයේ සිස්ටවින් දෙව්මැදුරේ දී පැවැත්වෙන නමුත්, එම ඡන්ද විමසුමට සහභාගී වන කාදිනල්වරුන් කිසිවකුට


බස්- ලොරි ගැටී හතරක් රෝහලට
2025 මැයි මස 08 189 0

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන


අකුණු සැරෙන් ගොවියාට දිවි අහිමි වෙයි
2025 මැයි මස 08 116 0

මුලතිව්, පුදුකුඩියිරිප්පු කාලියඩි , වෙල් යායක වැඩ කරමින් සිටි ගොවියෙකු අකුණු සැර වැදී මරණයට පත්ව ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරයි.


මියන්මාරයේ කඳවුරුවල සිරව සිටි ශ්‍රී ලාංකික පිරිසක් යළි මව්රටට
2025 මැයි මස 08 384 0

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු , එයින් මුදා ගෙන සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ) මග


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1099 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 267 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1311 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site