
(ඩයනා උදයංගනී)
ආර්ථික අර්බුදය නිමා වන තුරු පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමන්නැයි තමන් කතානායකතුමාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
2020 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිලධාරී භෝජනාගාර වියදම රුපියල් කෝටි 9ක් නම් මේ වන විට පවතින භාණ්ඩ මිල ගණන් අනුව එය රුපියල් කෝටි 15ක් පමණ විය හැකි බව කී මන්ත්‍රීවරයා මෙවැනි අවස්ථාවක් එවන් විශාල මුදලක් වැයකිරීම සුදුසු නැතැයි ද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී හා නිලධාරී භෝජනාගාරවල වසරක වියදම රුපියල් කෝටි 9කට ආසන්න බවට ලංකාදීප අද (18) පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කුරුණෑගල දී අද පැවති මාධ්‍ය හමුවකදීය.
තමන් දිනපතා පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්‍රීවරයකු බවත්, පාර්ලිමේන්තුවට නිවසින් ආහාර පාර්සලයක් රැගෙන ඒමේ අපහසුතාවයක් කිසිඳු මහජන නියෝජිතයකුට ඇතැයි තමන් නොසිතන බවත් ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
භෝජනාගාරය වසාදැමීමෙන් ඉතිරිවන මුදල දුප්පත් ජනතාවගේ කුසගින්න නිවීමේ හෝ අහිංසක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වූ සුභසාධන වැඩපිළිවෙලක් වෙනුවෙන් යොදවන්නැයි තමන් කතානායකවරයාගෙන්, සභානායකවරයාගෙන් සහ ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායකවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.
පාර්ලිමේන්තු භෝජනාගාරයට වසරකට මෙතරම් වියදමක් දැරීමෙන් තමන් අපහසුතාවයෙන් සිටියදී මන්ත්‍රීවරුන් සුඛෝපභෝගී ජීවිත ගතකරන බවට ජනතාවගෙන් චෝදනාවක් එල්ල විය හැකි බව කී මන්ත්‍රීවරයා මෙවැනි අවස්ථාවක එම මුදල රට වෙනුවෙන් කැපකිරීම මහජන නියෝජිතයන්ගේ වගකීමක් බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එපා ඔයාලා කන්න.
ඇයි අර්බුද ඉවර වෙනතුරු පමණක්? පුන්නක්කු බාල්දි 225ක් තියලා සදහටම වහලා දාන්න...
මෙයාලගේ විහිළු එක්ක බලනකොට විනෝද සමය කැලේ...
මෙයාගේ නායකයා මෛත්‍රී ගෙදරින් කෙසෙල් කොලෙත් ඔතලා කෑම අරගෙන ඇවිත් මුදල් ඉතුරු කරලා, එහෙමම කොළඹ පැජට් පාරේ තියන කොටි ගණන් වටිනා සුඛෝපභෝගී නිවසට යන්නේ විවේක ගන්න...
දැනට කරපු හරිය හොඳටම ඇති... ටික දවසකට වහලා ආයෙත් කන්නයි හිතාගෙන ඉන්නේ...
කන අයට ඕක ගානක් නැහැ...
අයියෝ කියන කතා... ඔයිට කළින් තව කෙනෙක් ඕකේ කිව්වා. මේ වගේ අය අපටමනේ... ලබන පාර උඩින්ම දියවන්නාවට යන්න තමයි මේ සෙට් වෙන්නේ...
වැඩි හරියක් ඉන්නේ හොරු... දෙන්න ඕනෙ පුන්නක්කු තමයි.
ඕකෙ කැන්ටිම ආහාර පාන පිළිබඳ ප්‍රසිද්ධ සමාගමකට දෙන්න. මන්ත්‍රීලට නගරයේ අලෙවි වන මිලට ආහාර මිලදී ගන්න කියන්න.