නාලක සංජීව දහනායක
ඇතිව තිබෙන අර්බුදකාරී වාතාවරණය සමනය වන තුරු දෙවැනි වාරය සඳහා පාසල් විවෘත කිරීම පිළිබඳව නැවත සිතා බලන ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් අද (26) ඉල්ලීමක් කළේය.
රටේ ආරක්ෂාව සුරක්ෂිත වනතුරු පාසල් දරුවන් එළිමහනට කැදවීම අතිශයින්ම භයානක බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවද මන්ත්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂය විසින්, පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද අදහසක් ....
හොද අදහසක් නැතිනමි දෙමාපියන්ට මැරි මැරී තමා ඉන්න වෙන්නෙ. ජනතාවට දැන් නම් ලොකු අය ගැන නම් කිසිම විශ්වාසයක් නැහැ අපිට කුමක්ද මේ වුනේ? කවුරු ආණ්ඩුව කෙරුවත් රටෙ ආරක්ෂාව තහවුරු කිරීම ඒ අයගේ වගකීමක්
රටට ආදරේ කෙනෙක්
අධ්‍යාපන ලේකම් වෙත චක්‍රලේක වලින් විදුහල්පති වරුන්ට හා ගුරුවරුන්ට ළමුන් පිලිබද වගකීම පැවරුවාට මෙවන් අනාරක්ෂිත අවස්ථාවක ඔවුන්ටද කළ හැකි දෙයක් නැත. පාසල් පටන් ගැනීමට පෙර සදුදා පාසල්වල දෙමව්පියන් හා ගුරුවරුන් හා ආරක්ෂක අංශ මගින් දැනුවත් කර ඊට පසු දිනක සිසුන් සදහා පාසල් පටන් ගන්න
රටේ ආරක්ෂාව නිසි ලෙස තහවුරු වන තෙක් දරුවන්ව නිවෙස් වල තබා ගැනීම සුදුසුය. දරුවන් දහස් ගණනක් ඒකරාශි වන ස්ථානයක යම් අනතුරක් සිදුවුවහොත් ඒ වගකීම භාර ගන්නේ කව්ද? පාසල් වාරයට නියමිත දින ගණන අනෙක් නිවාඩු කාල වලින් අඩු කර ගත හැකිය,
ඔව් ඒක හොඳයි. තව සතියක්වත් බලලා පාසල් පටන් ගන්න
නිවාඩුව දික්කලාම කොහොමද කොල්ලෝ කුරුට්ටන්ගේ හිනා පොඩ්ඩ. මතක තියාගන්න වැඩිය ලැබුණ නිවාඩුව ඉස්සරහ නිවාඩු වලින් අඩුවන බව.