
(අංජුල මහික වීරරත්න)
දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් ඔස්සේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරිම සඳහා අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන් අර්තාපල් ගොවින් සමග ජනාධිපති කාර්යාලයේදි පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
අර්තාපල් ගොවීන් මුහුණ පා ඇති ගැටලු විසඳීමේදි ගොවීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, පාරිභෝගික ජනතාවටත් අසාධාරණයක් නොවන පරිදි ඊට විසඳුම් සෙවීමට ආහාර සුරක්ෂිතතා කමිටුව තීරණය කළ බව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙහිදී පැවසීය.
මෙම ගැටලුව විසඳීමේදි ආණ්ඩුවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගොවියාත් පාර්ශ්ව තුනක් ලෙස වෙන-වෙනම කටයුතු නොකර, සියලු දෙනා එකම වේදිකාවක එකම අවශ්‍යතාවක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් සේ කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ගොවීන්ට සහනාධාරයක් ලබා දීම කෙරෙහිද අවධානය යොමු කරන බව ලාල්කාන්ත මහතා සඳහන් කළ අතර, අර්තාපල් නිෂ්පාදන වියදම අඩු කිරිම සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් පොහොර සහ කෘෂි යෙදවුම් සැපයීමටත්, උසස් ප්‍රමිතියෙන් යුත් බීජ නිෂ්පාදනයටත් ගොවීන් සමඟ එක්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඉදිරියේදි වැඩපිළිවෙළක් සකස් කරන බවද පැවසීය.
අර්තාපල් ගොවීන් සම්බන්ධයෙන් වන රජයේ මැදිහත්වීම් ක්‍රමවත් කිරිම සඳහා ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන අතර ගොවි ගැටලු විසඳීමට කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් ලබා දෙමින්,එම ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව අමාත්‍ය ලාල්කාන්ත මහතා වැඩිදුරටත් කීය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ සතොස සමඟ එක්ව අර්තාපල් මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කිරිමටත්, අර්තාපල් කිලෝවක් රුපියල් 200ත් 300ත් අතර මිලකට මිලදී ගැනීමට සහ ආනයනික අර්තාපල් සඳහා පනවන බද්ද වැඩි කිරිමට සලකා බලන බවයි.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
898
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අර්තාපල් ගොවීන්ට සහනාධාරයක්