
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අර්ජුන් මහේන්ද්‍රයන්ගේ "පාස්පෝට් එක" 2017 වසරේ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස නිදහස් කළේ කවුදැයි රංග දිසානායක ප්‍රකාශ කළ යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.
මේවා ලොරියේ "බුදු සරණයි" කියා ගහගෙන මරන්න හරක් ගේනවා වගේ වැඩ යැයි ද මන්ත්‍රීවරයා කීය.
චාමර සම්පත් දසනායක මහතා මේ බව කීවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපුරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා වන විවාදය අමතමිනි.
චාමර සම්පත් දසනායක මහතා එහිදී මෙසේද කීය.
රංග දිසානායක මහත්තයාගේ නම කියලම මම මේ දේ කියනවා.රංග දිසානායක මහත්තයාට මම අභියෝගයක් කරනවා.ඒගොල්ලන්ගෙ ජේ.වී.පී එකේ නන්දන කියපු දේවල් අපිට වැඩක් නෑ.2017 අවුරුද්දේ මේ රටේ වෙච්ච ලොකුම හොරකම මොකක්ද?සිංගප්පූරුවේ ඉන්න අර්ජුන් මහේන්ද්‍රයන්ගේ බැංකු හොරකම තමයි ලොකුම හොරකම.
රංග දිසානායක මහත්තයා දැන් මාධ්‍යයටත් එනවා. ඩී ජී හැටියට මාධ්‍යයට එන්නත් බෑ.මාධ්‍යයට ඇවිත් ලොකු සංදර්ශන දානවා.සංදර්ශන දැම්මට කමක් නෑ. 2017 කොටුව මහේස්ත්‍රාත් කවුද කියන එක කියන්න ඕන.එයා නෙමෙයි නම් කමක් නෑ.2017 අවුරුද්දේ කොටුව මහේස්ත්‍රාත්වරයා හැටියට අර්ජුන් මහේන්ද්‍රයන්ගේ පාස්පෝට් එක රිලීස් කලේ කවුද?එයා ඒක කියන්න ඕන.
එයාගේ පළවෙනි නෝනා මහ බැංකුවේ.දෙවැනි නෝනත් මහා බැංකුවේ. දෙවැනි නෝනා අර්ජුන් මහේන්ද්‍රයන්ගේ මොන තනතුරද කළේ කියලත් කියන්න ඕන.මේව රටේ මිනිස්සු දැනගෙන ඉන්නන ඕන.
මේවා අනුරාධපුරේ ඉඳන් බුදු සරණයි කියලා ගහගෙන එන හරක් ලොරි වගේ.ලොරිය ඇරලා බැරුවම ඉන්නෙ මරන්න ගේන හරක්. පිරිසුදු නම් හැම මිනිහම පිරිසිදුව ඇවිල්ල කතා කරන්න ඕන.
පිරිසිදුව තනතුරු දරන්න ඕන.අනිත් අයට ඇඟිල්ල දික් කරන්න කලින් තමන් පිරිසිදු වෙලා ඉන්න.
මගේ නඩු තුනක් තියෙනවා. මේක කිව්වට පස්සේ අනිවාර්යයෙන් මට ලබන මාසෙ අධි චෝදනා බාර දෙනවා. මට ඒක ප්‍රශ්නයක් නෑ. මේවා කවුරුත් දැනගන්න ඕන යනුවෙන්ද චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ වැඩකට නැති බඩ තඩියොන් ව පාර්ලිමේන්තු එවලා නැවතත් එක පරණ අරජිර්ණ තත්වයටම පත්වෙලා, රංග දිසානායක මේ මෝඩ චෝදනාවට ප්‍රසිද්ධියේ පිළිතුරක් දුන්න ,එකත් පිළිගන්න බැරිනම් ඔය ළඟ ඉන්න රවී කරුණානායකගෙන් අහන්න ඒ ගැන...
අපි රටේ හැමෝම රංග දිසනායක මහතා ගැන ආඩම්බර වෙනවා.මෙතුමා රටට සම්පතක්.රටේ සතේ නැති වෙනකම් හොරකම් කරපු රනිල් රාජපක්ෂ නඩේ කම්බ හොරුන්ට නීති මගින් නඩු පවරා දැඩි දඬුවම් දීම ගැන සියලු රටේ ජනතාවම ස්තුති වන්ත වෙනවා. හොඳයි NPP!! මේක හොඳ ආරම්භයක්.
අනේ බන්ඩයියේ, ටිකක් සාධාරනේට මධ්‍යස්ථව හිතන්න පුරුදුවෙන්න. මේවා පාර්ලිමේන්තුවේදී එලි කලේ නැත්නම්, රටේ මිනිස්සු දැනගන්නේ කොහොමද? බණ්ඩයියා හැමදාම ජෙප්පන්ගේ හා පාපිස්සන්ගේ ඩොබි වැඩේ කර කර ඉඳලා හරියන්නේ නෑ.
රනිල්ගෙන් අහන්න බැරිද?
ඕක ගිහින් අහන්න ඔයා වන්දනාමාන කරන රනිල්ගෙන්...
මේ වගේ හරකෙක් ගැන මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මෙයාව තෝරාපු බදුල්ලේ කට්ටියට පුන්නක් ටිටක් දෙන්න වටිනවා.
රංග දිසානායක කියන්නේ දූශිතයෙක්. වහාම ඉල්ලා අස් වෙන්න ඕන. මාලිමාව තනතුරු හැම එකකටම තමන්ගේ පක්ශෙ උන්ව දාගෙන ඉන්න බව රහසක් නෙමේ දැන්. උන් ඔක්කොම ස්වාදීනව වැඩ කරනවා වෙනුවට පක්ශේට ඕන විදියට නීති නවලා නීති අවභාවිතා කරන බව හොඳටම පේනවා. රවී සෙනෙවිරත්න පොලීසිය ලවා උන්දෑ බීලා ගිහින් හප්පපු එකේ පොලිස් වාර්ථාව වෙනස් කර ගත්තා. ශානි තමන්ගේ හතුරො ටික ඔක්කොම හිරේ දැම්මා.
මේවගේ අයට පාර්ලිමේන්තු වරප්‍රසාධ වලට මුවා වෙලා ඕන කුණුහරප අපහාසයක් ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් .පාර්ලිමේන්තුවෙන් එලියට ඇවිත් ප්‍රසිද්ධියේ ඕවා කියන්නකෝ
හොරා වුනත් ,හොයල බලන්න මොහු කියන්නේ ඇත්තක්ද කියල ඇත්ත නම් මෙතන බරපතල ප්‍රශ්නයක් තිබෙනවා , මේ කියන කතා ඇත්ත නම් මොහු දිගින් දිගටම අල්ලස් කොමිසමේ තියාගෙන හිටියොත් මාලිමා ආණ්ඩුවට ඉදිරියට බලපානවා , මිනිස්සු 2015 විශාල බලාපොරොත්තු තියාගෙන යහපාලන ආණ්ඩුව ගෙනත් සිද්ධ වුනදේ මාලිම ආණ්ඩුවට වෙනවට චන්දෙ දුන්න අපි කවුරුත් කැමති නැහැ ,