(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
මහරගම නගරයේ දී අරගලයට සහාය දැක් වූ පොලිස් සැරයන්වරයා අද (11) අළුයම තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම මාගම්මන ප්‍රදේශයේ පදිංචි නාරාහේන්පිට පොලිස් ගරාජ් හි සේවයේ නියුතු සැරයන්වරයෙකි
සැකකාර සැරයන්වරයා සන්තකයේ තිබී අඟල් 2 ක් පමණ පළල ,අඟල් 10ක් පමණ දිගැති මන්නයක් පොලිස් භාරයට ගෙන ඇත
පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටි සැකකරු සෙරෙප්පු යුගලක් පැලඳ ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන්ට සැකසිතී ඔහු කෙරේ අවධානය යොමුවී නවතා ගෙන සිදු කළ පරික්ෂාවේදී තියුණු ආයුධය ඉනේ ගසාගෙන සිට ඇතැයි පොලිසිය කියයි
ඒ සමගම සැකකරු එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට භාර දීමෙන් අනතුරුව කොටුවක් පොලිසියේ ජංගම රථය එම ස්ථානයට ගෙන භාරදීමට බාරදීමට කටයුතු කළ බව පොලිස් නිළධාරියෙකු පැවසීය
අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ඉකුත් නම වෙනි දින අරගලයට පාගමනින් යමින් සිටි තරුණ පිරිසකට මහරගම නගරයේ දී තම දෙඅත් උත්සාහ සහාය පළකල තැනැත්තා බව පොලිසිය කියයි
කොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ මනුස්සය...ජනාධිපති මන්දිරෙ මිනිස්සුන්ට දැන් කෑම උයන නිසා එලවලු කපන්න පිහිය අරන් යන්න අති....මිනිහ අරගලේට සහය දක්වපු නිසා වැරදි විදිහට බලන්න අති.
ඇතැමුන් ට ඔහු වීරයෙකු ලෙස පෙනෙන්නට ඇත. නමුත් කිසිදු රාජ්‍ය නළධාරියෙක් පටු චිත්තාවේග වලට වසඟ නොවිය යුතුය. ඔහුට අරගළයට එක්වීමට අවශ්‍ය නම් නිළ ඇඳුම් නොඇඳ එන්නට තිබුණි. අරගළ කරුවන්ගේ ම වචන වලින් කියන්නේ නම් මෝඩ චූන් ගන්න ගොසින් ඔහුත් අනෙක් නිළධාරියාත් සියතින් ගෙල සිඳගත්තා වැනි වැඩක් කර ගත්තෝ වෙති.
මේවා ඇත්තද? බොරුද? කියලා විශ්වාස කරන්න අමාරුයි.
මොහු කවුරු හරි බලවතෙකුගෙ නියොගය පිට අරගල කල තරුන නායකයෙකු හෝ කිහිප දෙනෙකු ඝාතනය කරන්ට සැලසුම් කරගෙන ආවාද දන්නෙ නැහැනෙ. අරගල භූමියෙ ඉන්න තරුන පිරිස් බොහොම විමර්ශන ශීලිව ඉන්ට ඔනම කාලයක් ඉදිරි දවස් දෙක තුන.