
(යොහාන් භාසුර)
ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගතවුවද ‘අරගලයේ’ බලාපොරොත්තු ඉටුවී නැතැයි මෙරට ජනතාවගෙන් සියයට 60 කගේ මතය යැයි ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි.
රට ගොඩගැනීමට නම් දූෂිත අයහපත් පාලනය නිවැරදි කළ යුතු යැයි මෙරට ජනතාවගෙන් සියයට 51 ක් විශ්වාස කරන බවත් රට යළි ගොඩගැනීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කිරීම අවශ්‍ය යැයි සියයට 34 ක් පවසන බවත් එම ආයතනය කියයි.
ගාලුමුවදොර කේන්ද්‍රකරගෙන පැවති අරගල ව්‍යාපාරයට වසරක් සම්පූර්ණ වීමේ පසුබිමේ සිට රටේ ජනතාව අරගලයෙන් බලාපොරොත්තු වූ දේවල් ඉටුවීම, නොවීම සම්බන්ධයෙන් දරන අදහස් දැනගැනීමට කළ සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළි වූ බව ද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කළේය.
අරගලය තුළින් ජනතාවගේ බලාපොරොත්තු, අභිලාෂයන් සහ සිතුම් පැතුම් ඉටු වූයේද, නැතිද, යැයි ඇසූ පැනයට බොහෝදුරට ‘නැත’ යැයි බහුතරයක් ජනතාව පිළිතුරු දී ඇති බවත් එම බලාපොරොත්තු, අභිලාෂයන් සහ සිතුම් පැතුම් බොහෝදුරට ඉටුවූයේ යැයි සියයට 11 ක් ද, සියටය 29 ක් අදහසක් ප්‍රකාශ කර නොමැති බවත් එම ආයතනය කීය.
රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1008 දෙනෙකුගේ නියැදියක් පදනම් කරගෙන මෙම සමීක්ෂණය කළ බව කී ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය දත්ත මෙම වසරේ ජූනි මස එකතු කළ බව ද සදඟන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ උතුරු, නැගෙනහිර හැර වෙනත් ප්‍රදේශ නියෝජනය කරමින් එක් තැනකට පැමිණි රටේ සාමාන්‍ය පුරවැසියන් මුණගැසීමට අවස්ථාවක් ලැබිණි. ඒ දින කිහිපයේදී රටේ තත්වය පිළිබඳව ඔවුන් සමග අදහස් හුවමාරු කරගත් අවස්ථවේදී ඔවුන් 90% රටට දේශපාලන වෙනසක් බලාපොරොත්තු වන බව කියා සිටියේය. ඔවුන් සියලු දෙනා වයස 50ට ඉක්මවූ ගොවි ජනතව බහුතරයක් වීම විශේෂත්වයකි...
අරගලය සාර්ථක නොවුනේ රනිල් ඇවිල්ල හොරු ටික ඔක්කෝවම බේරාගත්තු නිසා...
මොනව නැතත් අර දුශ්ට මෝඩ ජනාධිපති ගොයියාගේ පුx පැත්තට පයින් ගහල එලවලා රාජපක්ෂ නඩය බෙලහීන කරපු එකම මදිද?
පැහැදිලි හේතුව නායකත්වයක් සහ දැක්මක් නොතිබීමයි.
ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු දූෂිත පවුල් පාලනේ අයව එළවපු එකම මදිද? අරගලයේ බලාපොරොත්තුව පවතින සිස්ටම් එක වෙනස් කිරීම... පින් ජනපතියා ඡන්දෙකට නොයන්නේ බයට...