(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පවසන්නේ එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීමද තහනම් කළ බවයි.
දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු නොගෙවූ එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන්වූ හෙයින් ඒවායේ බලපත්‍ර අලුත් නොකළ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
මත්පැන් නිෂ්පාදන ආයතන පහක මත්පැන් නිෂ්පාදනය මෙසේ නැවතුණද තවත් මත්පැන් නිෂ්පාදන ආයතන පවතින හෙයින් වෙළෙඳපොළේ මත්පැන් හිඟයක් ඇති නොවන බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්...!
රටේ අහිංසක මිනිස්සු සූරාකන මේ වගේ අධම මිනිස්සු බදු ගෙවන්නෙත් නැහැ... පව්කාරයෝ...!
ඔය සමාගම්වල නම් දැන්වත් ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි? බදු නොගෙවන සමාගම්වල මත්පැන් මිලදී ගැනීමෙන් වළකින්න අපට අයිතියක් තිබෙනවා.
මේවා අතර ජොනියගේ වයඹ ඩිස්ටිලරීස්, ඇලෝසියස් ගේ මෙන්ඩිස්, ග්ලෝබල් ඩිස්ටිලරීස් ඉතිරි 2 මොනවාද? පොඩි අය වැරැද්දක් කළාම හතර වරිගේ හොයන මාධ්‍යකරුවන් මේවාට සද්ද නැතිව වහගෙන ඉන්නවා. තව එකක් ඇයි ඔවුන්ගෙන් නඩු දාලා බදු අයකරගන්නේ නැත්තේ...!
කඩෙන් පාන් ගෙඩියක් හොරා කාපු, මහපාරෙ හිගා කාලා මාලිගා හදපු, මාල කඩපු, කුඩු ගහන සහ විකුනන හාල්මැස්සන්ගෙ, හොරෙන් කසිප්පු පෙරපු, සූදු ගහන උන්ගෙ හත්මුතු පැටිකිරියම පල කරන මාධ්‍ය මිතුරණි, කෝ ඔබේ හර්ද සාක්ෂිය, කො ඔබේ බලගතු පෑන් තුඩ........ (me comment eka palakaranna tharam wath kondak nethi bawa nam danimi!)
මොන විකාරද? ඔය සමාගම් නිෂ්පාදන නවත් වන්නේ නැහැ. ඔවුන් බිස්නස් එක කරගෙන යනවා. එතකොට ඔය සමාගම් වල නිපදවන මත්පැන් කසිප්පු වෙනවා නේද?
නම වෙනස් කරලා බෝඩ් එක මාරු කරලා අලුත් බලපත්‍රයක් ගත්තාම හරි...
මේවා අයකරගන්නේ නැතිව සීනි බදු, වැට් බදු ඉහළ දමනවා. බදු ගෙවන්නේ නැතිනම් මෙම අරක්කු කම්පැණි අර ගෝඨාගෙ ගෙදර වටකළා වගේ වට කරන්න...
ඔය සමාගම්ම ඈවර කර නැවත වෙනත් නම් වලින් එළියට ඒවි.