(ගයාන් සූරියආරච්චි)
හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර ඝාතනය සදහා ඔත්තු බැලූ පොඩි සුදූ නැමැති ඔත්තුකරු අයිස් මත්දුව්‍ය සමග අම්බලන්ගොඩ වෙනමුල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය .
එහි දී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14, මිලි ග්‍රෑම් 50 ක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයෙකි.
තවද වැඩිදුරටත් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම සැකකරු 2023.10.09 වන දින රත්ගම පොලිස් වසමේ රත්ගම කරාව ප්‍රදේශයේ දී හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර යන අය ඝාතනය කිරිම සදහා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට රත්ගම දක්වා පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර නිලධාරියා ගමන් කරන ලද යතුරු පැදිය පිටුපසින් යතුරු පැදියකින් ගමන් කරමින් දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “සමන් කොල්ලා” යන අයට ජංගම දුරකථනයෙන් මාර්ග පිළිබදව දැනුම් දී ඇති අතර ඒ අනුව මෙම සැකකරු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර නිලධාරියා ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් බවට කරුණු අණාවරණය කර ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් වල පොලී අනුපාත සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ර
ශ්‍රී ලංකාව අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක ම
ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප
දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
කොටි ත්‍රස්තවාදය පැරදවා වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් සංවිධානය කරන 15 වැනි රණවිරු සමරුවට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 කට උසස්ව
පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අයි.පී ඝාතනයට ඔත්තු බැලූ පොඩි සුදූ මාට්ටු
Bamunuarachchi Sunday, 05 May 2024 02:14 AM
මොවුන්ව ඉතිරි කරන්න එපා. ඌරො කැකුණ තලන විට හබන් කුකුලන්ට රජ මගුල් ලු. දැන් ලෝයර් කාරයෝ ලැහැස්ති වෙනවා ඇති මුන්ව බේරගන්න ගාන අරන්. එනිසා මොවුන් සඟවාගෙන ඉන්න ආයුධ පෙන්වන්න අරන් යන්න.