IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


අපේ මුහුද ගැන බලන්න අපේම පරීක්ෂණ කණ්ඩායමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව  අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතාට දැනුම් දුන්නේය.

අදාළ පර්යේෂණ කණ්ඩායම සඳහා යම් පහසුකම් අවශ්‍ය වුවහොත් ඒවා ලබා ගැනීමට සහය වන ලෙසද රත්නායක මහතා ඇමරිකා සහකාර රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

සාගල රත්නායක මහතා සහ ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අතර කොළඹදී පැවති හමුවකදී මෙම ඉල්ලීම සිදු කෙරිණි.

එම පරීක්ෂණ කණ්ඩායම පිහිටුවීමෙන් පසුව විදෙස් නෞකා වලට ශ්‍රී ලාංකික මුහුදු තීරයට පැමිණ පරීක්ෂණ කටයුතු කිරීමට අවශ්‍ය නොවන අතර ඔවුන්ට අවශ්‍ය දත්ත පිළිබඳව දැනුම් දුන් පසු ලාංකික පර්යේෂණ කණ්ඩායම හරහා ඒවා ලබාදීමට හැකියාව ලැබෙන බවද රත්නායක මහතා දැනුම් දුන්නේය.

ජපානය,ඕස්ට්‍රේලියාව වැනි රටවල්ද මේ කාර්යය සඳහා සහාය ලබා දෙන බව කී සාගල රත්නායක මහතා ලාංකික පර්යේෂණ කණ්ඩායම විසින් ලංකාවට අයත් ඉන්දියන් සාගර කලාපයේ ලබාගන්නා දත්ත අවශ්‍ය නම් විදෙස් රටවලට ලබාදීමට හැකියාව තිබෙන බව සඳහන් කළේය.

එමෙන්ම මේ වනවිට ලාංකික හමුදා නවීකරණය කිරීම සඳහා සමාලෝචනයක් සිදුකරමින් සිටින බවද සාගල රත්නායක මහතා කීය.

මෙහිදී ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සඳහන් කර ඇත්තේ අදාල කටයුතු සඳහා ආධාර සහ දැනුම ලබාදීමට හැකියාව පවතින බවයි.



අදහස් (0)

අපේ මුහුද ගැන බලන්න අපේම පරීක්ෂණ කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිනී මරා සැඟවෙන්න බැරි වේ
2024 ජුනි මස 17 93 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීගොඩ ගොඩගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බ


මෝටර් රථ අනතුරින් කොළඹ පැත්තකට වතුර නෑ
2024 ජුනි මස 17 201 0

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ දී අද (17) අළුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ලබුගම ජලාශයේ සිට කොළඹට ජලය රැගෙන යන විශාල නලයක ගැටීමෙන් සිදු වූ අනතුරින


කොල්ල කල්ලියක් ගිනි අවි සමග මාට්ටු
2024 ජුනි මස 16 431 0

ගිනි අවි පෙන්වා දේපළ කොල්ලකෑමේ යෙදුණු කල්ලියක සැකකරුවන් තිදෙනකු ගිනි අවි අත්බෝම්බ, උන්ඩ, පිහියා ඇතුළු දේපල රැසක් සමග අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය


පොසොන් සමරන්න සල්ලි හොයන්න එතෙර රූ රැජිනත් පිඬුසිඟා වඩිති
2024 ජුනි මස 16 2147 0

රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන මෙවර පොසොන් පින්කම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන් සහ ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත


අධිවේගයේ බසයෙන් කුඩු අදින්න බැරි වේ
2024 ජුනි මස 16 1087 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ දී හෙරොයින්. සහ හෑෂ්. මත්ද්‍රව්‍ය ඇතුලු දුම්කොල ග්‍රෑම් 57ක්, ජංගම දුරකතන හතක් ,කුඩා කියත් තලයක් ලයිටර හතරක්,යත


පැය කීපයක තාවකාලික සටන් විරාමයක්
2024 ජුනි මස 16 584 0

දකුණුදිග ගාසා තීරයේ මාර්ග හරහා, විපතට පත්ව සිටින පලස්තීන සිවිල් වැසියන්ට ජාත්‍යන්තර ආධාර ලබා දීමට ඉඩ සලසා දෙමින්, දිනපතා පැය කීපයක සටන් විරාම ආරම්භ කි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1304 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3022 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2482 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site