(සුජිත් හේවාජුලිගේ )
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් වල පොලී අනුපාත සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසීය..
එම ගිණුම්වල පොලී අනුපාත පිළිබඳව තමාට විශ්ලේෂණ වාර්තාවක් දෙන්නැයි ජනාධිපතිවරයා පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය..
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වලට ලැබෙන පොලිය ඉතා අඩු බවට කාලයක සිට චෝදනා එල්ල වෙමින් පවතී.

COMMENTS
ඕනෑම රටක වැඩිහිටියන්ට විශේෂ සැලකිල්ලක් තියෙනවා... මේ රටේ වැඩිහිටියෝ හරිම අසරණයි, දරුවන්ට අතමිට නැහැ දෙමාපියන්ට සලකන්න, රජයත් මෙහෙම ඔවුන්ට ලැබෙන පොලියෙන් 5% ක් කපාගන්න එක හරිද කියලා බලන්න ඇමැතිතුමෝ, ඔය සල්ලි අරගෙන හාල් බෙදනවා, ඡන්ද බලාගෙන, හෙණම ඉල්ලනවා හැර වෙන මොනවා කරන්නද?...
ඕකට පේන බලන්න දෙයක් නැහැ... උදුර ගනිපු අයිතියක් ආපසු දෙනවා විතරයි...
සෙනෙවිරත්න කියන්න බලන්න මොකද්ද ඒ අයිතිය කියලා. වැඩිහිටි පොලී අනුපාතය වැඩි කරන්න කිව්වේ ජේවීපී එකෙන්ද? ඒක කලේ මහින්දගේ ආණ්ඩුවෙන්. ඔයා ගොඩක් දේවල් දන්නේ නෑ.
හොඳ යෝජනාවක් .එය කල යුතුයි
වැඩී පොලියක් ලබා දීම කලයුතුයි .