
(ආරියරත්න රණබාහු)
දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්රී ලංකා එක්සත් ග්රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් මෙම තීරණයෙහි සිටින බව පවසන සංගමය ඊට අමතරව ඉඩම් ඔප්පු සැකසීම සහ ජාතික හැඳුනුම්පත් සඳහා කටයුතු කිරීම ආදී සියලුම රාජකාරිවලින් ඉවත්ව සිටින බවද පවසයි
එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා මේ බව පැවසිය
COMMENTS
අපේ රටේ හැම දේකටම ග්රාම නිලධාරී සහතිකය හා පොලිස් පැමිණිලි පිටපත් ඉල්ලනවා. උදාහරණයක් ලෙස බලන්න රියදුරු බලපත, හැඳුනුම්පත දිහා... මේවා දෙන්න වෙන වෙනම දෙපාර්තමේන්තු තිබුණත් ඒවායේ පිටපත් ගන්න නම් පොලිස් පැමිණිලි පිටපත් ඕනෑ. මේවායින් වෙන්නේ පොලිස් නිලධාරියාට අසීමිත වැඩකොටසක් පැවරීමයි. එක්කෝ මේ ක්රමවල වෙනසක් වෙන්න ඕනෑ. නැතිනම් ඒ ඒ නිලධාරීන්ට සුදුසු වැටුපක් දෙන්න ඕනෑ. කතාකරන්නේ AI තාක්ෂණය ගැන... නමුත් තාමත් බැරිවෙලා තියෙනවා රථවාහන වරදකට මාර්ගගත ක්රමය මගින් අදාල දඩ මුදල ගෙවන්න පහසුකම් සලසන්න. තාම අපි ඉන්නේ 17 වන සියවසේ. නැතිනම් රථවාහන වරදකට පොලිස් නිලධාරීන් පස්සේ යන්න වෙයි යෑ. ඒවායින් වෙන්නේ පගාව ඇතුළු විවිධ දුරාචාර දේට පාර කැපීමයි.
ග්රාම නිලධාරින්ට බලය තියෙනවාද ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් බෆල් සද්දේ නවත්වන්න...?
ග්රාම නිලධාරින්ට දේශපාලන අයිතිවාසිකම් කිසිවක් නැහැ. පුළුවන් වෙන්නේ මැතිවරණ අවස්ථාවේ ඡන්දය පාවිච්චි කරන්න පමණයි... ඒ නිසා ඔවුන්ට දේශපාලන රැස්වීම සඳහා යන්න කිසිම අයිතියක් නැහැ..
මේ තීරණය අතිශයින් වැදගත් .එමෙන්ම කාලෝචිතයි.මේ කිසිම කාලකන්නියෙකුට ගැති කම් .ඔබතුමන්ලා කරන්නේ අතිශයින් ගෞරවනීය සේවාවක්
හොද තීරණය ක් . 1977 පස්සේ ග්රාම නිලධාරී හැටියට පත්වීම් දුන්නෙ එජාප පාක්ෂිකයන් ට විතරයි . සම්පූර්ණයෙන්ම දේශපාලනයට යටත් වුනා . දැන් හරි නිවැරැදි වෙනව නම් හොඳයි .
ඇත්ත නේන්නම්. මොකද දැනට ග්රාම සේවකලා නැහැ නොවැ. දැන් ඉන්නෙ ග්රාම නිළධාරිනේ