
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව ඒකාබද්ද මෙහෙයුමකින් පසුව ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 356 ක් සමග අරාබි මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකාර ශ්‍රී ලංකීය ධීවරින් එකොළොස් දෙනා ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(09) නියෝග කළේය.
මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
දෙවුන්දර හා ගන්දර පදිංචි එම්.එච්.මල්ෂාන්,ගයාෂාන් ලක්මාල්,සනෝච් ක්‍රිෂාන්,එම්.එන්.හසින්ත,සංජය කුමාර,මොනරාගල සුදේශ් නිශ්ශංක,මලිත් මිලින්ද,කේ.එච්.උමේෂ් ,එම්. තිලංක,පී .එම් .රොෂාන්,එච් කාල්ටන් යන සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 355 ග්‍රෑම් 828 පෝර උර 30 ක බහා අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සැකකරුවන් පසුගිය නොවැම්බර් මස 25 හා 26 වන දිනවල දී නාවික හමුදාව ඉන්දීය නාවික හමුදාව සමග කළ මෙහෙයුමක් අනුව අත්අඩංගුවට ගෙන පසුගිය 02 දින කොළඹ වරායට රැගෙන විත් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ටට භාරදීමෙන් පසුව 03 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව විමර්ශන ප්‍රගතිය ලබන 17 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් වරයා නියෝග කර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd