
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල පොලිසිය මගින් කරදියාන ප්‍රදේශයේදී ඊයේ (7) රාත්‍රියේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ගිලීමෙන් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි
මියගොස් ඇත්තේ මොරටුව ලක්ෂපතිය මහා විහාර පාර කනගරත්න පෙදෙස පදිංචිව සිටි ඉරෙශ් උදයංග 37 එක් දරු පියෙකි
පුද්ගලයන් සිවුදෙනකු ත්‍රීරෝද රථයකින් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කරදියාන ප්‍රදේශයට පැමිණ සිටින බවට පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් මග රැක සිට ත්‍රිරෝදය කරා පැමිණෙමින් සිටි මියගිය පුද්ගලයා මුලින්ම අත්අඩංගුවට ගෙන අනතුරුව ත්‍රීරෝද ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් ද ත්‍රි රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි.
සැකකරු එම අවස්ථාවේ සිදු කළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 500 ක් විද්‍යුත් තරාදියක් මෙන් ම තීරෝද රථ රියැදුරු සන්තකේ රුපියල් 70,000 ක මුදලක් ද ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි .
ඒ අනුව පුද්ගලයන් සිව්දෙනා සිව් දෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය කරා රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මියගිය පුද්ගලයා කරදියාන ප්‍රදේශයට රැගෙන යාමේදී එම පුද්ගලයා කලන්ත ගතියක් පවතින පොලිස් නිලධාරීන් හා පවසා තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම පුද්ගලයා පිලියන්දල රෝහල වෙත රැගෙන ගොස් වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට සේලයින් ද ලබාදී පරික්ෂා කර බැලීමෙන් අනතුරුව කිසිදු රෝගී තත්වයක් නොමැති බවට පැවසීමෙන් අනතුරුව පුද්ගලයා වෛද්‍යවරයා අමතා යමක් පැවසීමට ඇති බව වෛද්‍යවරයාට පවසා තිබුණි
වෛද්‍යවරයා ඒ පිළිබඳව මියගිය පුද්ගලයාගෙන් විමසීමේදී තමන් අයිස් ග්‍රෑම් 5ක් ගිල දැමූ බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම පුද්ගලයාව වහා කළුබෝවිල රැගෙන යාමෙන් අනතුරුව පැය කීපයක දී ඔහු මිය ගිය බව පොලිසිය කියයි
මියගිය පුද්ගලයා මීට පෙර මත්ද්‍රව්‍ය සමග පොලීසියට කීප වතාවක්ම අසූ අයෙක් බව ඔහුගේ පෙර වාර්තා පරික්ෂා කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පි සි ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව අද දින සිදු සිදුකිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ආයුධ පෙන්නන්න වැඩේට වඩා මේ වැඩේ ලේසියි වගේ...
කොරෝනා එන එකම නවතාගන්න බැරි ආණ්ඩුව කුඩු ගේන එක කොහොම නවත්වන්නද?