(සුජිත් හේවාජුලිගේ)

අයිස් මත්ද්‍රව්‍ය සමාජය තුළ ඉතා වේගයෙන් ව්‍යසනකාරී ලෙස පැතිරෙමින් ඇති  බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය.

එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

මෙයට පෙර අප හෙරොයින් ගැන කතා කළත්  දැන් දැන් අයිස් ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව ඇති බව පැවසූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ගම්පොල ෆේස්බුක් සාදයකින් පසුගියදා හමුවූ මත්ද්‍රව්‍ය ගත්  පිරිසෙන් වැඩි දෙනෙකු වයස 14-  15 අතර  දරුවන් බවත් ඔහු  පැවසීය.

මේ ඛේදවාචකයේ බරපතළකම ඉන් මොනවට පැහැදිලි වන බව  ගුණසිරි මහතා  වැඩිදුරටත් සඳහන් කළේය.