(අංජුල මහික වීරරත්න සහ තිලකරත්න දිසානායක)
පාසල් ළමුන් අතර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වල ජනවාරි පළමු වැනිදා සිට සුපරීක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
දැනට සුපරීක්ෂක කමිටු පිහිටුවා නොමැති පාසල්වල එම කමිටු පිහිටුවීම දෙසැම්බර් 31 වෙනිදාට පෙර අවසන් කරන්න යැයි ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ අධ්‍යාපන බලධාරීන්ට හා පොලිසියට උපදෙස් දුන්නේය.
ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී ඇමතිවරයා ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන් සහ පොලිසියෙන් විමසා සිටියේ මීට පෙර ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ගත් තීරණයකට අනුව ගම්පහ පාසල් වල මත්ද්‍රව්‍ය නිවාරණ සුපරීක්ෂක කමිටු පිහිටුවා අවසන් ද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය සඳහන් කළේ එම සුපරීක්ෂක කමිටු පිහිටුවමින් සිටින බවයි.
දිනෙන් දිනම පාසල් ආශ්‍රිත ව මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙමින් පවතින බවත්, එය ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වන බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජාවාරම අවසන් කිරීමට පියවර ගත යුතුව ඇතැයි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිස් විතරක් නොවේ, අනිකුත් භයානක මත්ද්‍රව්‍ය ගෙන්වන මහ මොළකාරයින් අල්ලන්න උත්සාහ කළොත් මීටවඩා හොඳයි. ඒ ගොල්ලෝ කවුද, ඉන්නේ කොහේද, කන්නේ බොන්නේ පාටි දාන්නේ කා එක්කද කියලා මුළුරටම දන්නවා. ඔය ට්විටර් පණිවිඩ දාන අයගෙන් ඇහුවානම් නරකයිද?
පාර්ලිමේන්තුවට දාන්න ඕනෑ එක පාසල්වලට දාන්නේ ඇයි?
ගෙන්නන මහ මොල කාරයොත් ඉන්නෙ ඒ් පැත්තෙම නෙ.. ඇයි උන්ව කුදලගෙන ගිහින් හිරේ දාන්නෙ නැත්තෙ? උන්ට ගරු නම්බු දීලා පාසල් යන දරුවන්ව මානසික පීඩනයට ලක් කරවන මෙ අමන වැඩ නැවැත්විය යුතුයි..