IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’අයිස්’’ දියකරන්න ගම්පහ පාසල්වලට සුපරීක්ෂණ කමිටු

(අංජුල මහික වීරරත්න සහ තිලකරත්න දිසානායක)

පාසල් ළමුන් අතර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වල ජනවාරි පළමු වැනිදා සිට සුපරීක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

දැනට  සුපරීක්ෂක  කමිටු පිහිටුවා නොමැති පාසල්වල එම කමිටු පිහිටුවීම දෙසැම්බර් 31 වෙනිදාට පෙර අවසන් කරන්න යැයි ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  ගම්පහ අධ්‍යාපන බලධාරීන්ට හා පොලිසියට උපදෙස් දුන්නේය. 

ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම  ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී  පැවැත්වුණු අතර  එහිදී ඇමතිවරයා ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන් සහ පොලිසියෙන් විමසා සිටියේ මීට පෙර ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ගත් තීරණයකට අනුව ගම්පහ පාසල් වල මත්ද්‍රව්‍ය නිවාරණ සුපරීක්ෂක කමිටු පිහිටුවා අවසන් ද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය සඳහන් කළේ එම සුපරීක්ෂක කමිටු පිහිටුවමින් සිටින බවයි.

දිනෙන් දිනම පාසල් ආශ්‍රිත ව මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙමින් පවතින බවත්, එය ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වන බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජාවාරම අවසන් කිරීමට පියවර ගත යුතුව ඇතැයි කීය.



අදහස් (3)

’’අයිස්’’ දියකරන්න ගම්පහ පාසල්වලට සුපරීක්ෂණ කමිටු

siri Wednesday, 21 December 2022 07:06 PM

අයිස් විතරක් නොවේ, අනිකුත් භයානක මත්ද්‍රව්‍ය ගෙන්වන මහ මොළකාරයින් අල්ලන්න උත්සාහ කළොත් මීටවඩා හොඳයි. ඒ ගොල්ලෝ කවුද, ඉන්නේ කොහේද, කන්නේ බොන්නේ පාටි දාන්නේ කා එක්කද කියලා මුළුරටම දන්නවා. ඔය ට්විටර් පණිවිඩ දාන අයගෙන් ඇහුවානම් නරකයිද?

:       5       9

නිහාල් Wednesday, 21 December 2022 07:30 PM

පාර්ලිමේන්තුවට දාන්න ඕනෑ එක පාසල්වලට දාන්නේ ඇයි?

:       7       6

sharm warn Thursday, 22 December 2022 10:29 AM

ගෙන්නන මහ මොල කාරයොත් ඉන්නෙ ඒ් පැත්තෙම නෙ.. ඇයි උන්ව කුදලගෙන ගිහින් හිරේ දාන්නෙ නැත්තෙ? උන්ට ගරු නම්බු දීලා පාසල් යන දරුවන්ව මානසික පීඩනයට ලක් කරවන මෙ අමන වැඩ නැවැත්විය යුතුයි..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site