(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවට ඔබ්බෙක් ගැඹුරු මුහුදේදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200 කට අධික තොගයක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් සහ බහුදින යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අද (16) පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්ව දින ගණනක් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවත් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් මේ වන විට ගොඩබිමට එන එමින් සිටින බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.