(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයගේ ජීවිත කාලය වසර දෙකකට සීමා වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගේ මොළයේ සෛල විනාශ වී විකෘති තත්වයට පත්වන බවද එම වෛද්‍යවරුන් සඳහන් කරන්නේ යැයි අමාත්‍යවරයා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ අධිකරණ පනත් කෙටුම්පත් නවයක් සහ රෙගුලාසි සම්මුතියක් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරමිනි.
විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත සඳහා අයිස් ඇතුළු අලුත් විෂ මත්ද්‍රව්‍ය වර්ග අලුතින් ඇතුළත් කෙරෙන බවද විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
මළසිරුර නරක් වෙන්නෙත් නෑ. අයිස් හින්දා...
ඉතින් දෙයියනේ කොච්චර හොඳද අන්තරාදායක ඖෂධ වර්ග ගන්න මිනිස්සු අවුරුදු දෙකෙන් මැරිලා ගියාම අපිට මොකෝ