(අංජුල මහික වීරරත්න)
ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනි.
රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ මෙහිදී සාකච්ඡා කළේය.
පෞද්ගලික අංශය දෙන යෝජනා සම්බන්ධයෙන් එක් එක් ක්ෂේත්‍රයන්ට අදාලව වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
එහිදී පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීහු රාජ්‍ය ආදායම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධව මෙන්ම, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඇඟළුම් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත නඟා සිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට යෝජනා දෙනවට වැඩිය හොඩයි 5 ශිෂ්‍යත්වෙ ලියන ලමයෙක් ට දෙන එක. මෝඩයො. හොරු, ධූශිතයො රගන රටක මෙයත් වදකාගාරයෙක් තමයි.
ඇයි ගොයියෝ දැන්ද අයවැය හදන්න පටන්ගන්නේ...? පඩි වැඩි කරනවා නම් උපයන විට බදු වැඩි කර ඒ යන මුදල උපයා ගන්න බැංකු පොලියෙන් ජීවත් වෙන ජේෂ්ඨ පුරවැසියන් මොවුන්ගේ පඩි වැඩිවීම්වලට ගෙවිය යුතු නැහැ...
වැඩ බැරි දූෂිත ආණ්ඩුව ගෙදර යවන්න, වහාම මහමැතිවරණයක් පැවැත්විය යුතු වූ යෝජනාව විතරයි දෙන්න තියෙන්නේ...!
මෙන්න යෝජනාවක් උසස් අධ්‍යාපනයට මුදල් අය කරන්න. ආර්ථික අතින් දුර්වල එහෙත් ඉතාමත් දක්ෂ සිසුන්ට සීමාවක් ඇතුව නොමිලේ අධ්‍යාපනය සඳහා scholarships දෙන්න. එතකොට ලක්ෂ ගණනින් වැටුප් ගන්න අයගේ ළමයින්ට පිං අධ්‍යාපන දීමට උවමනා නැත. එසේ scholarship ලබා ඉගෙන ගන්න අයට රටින් පිටරැකියා තහනම් කරන්න...!
රනිලාට යෝජනා දුන්නාට වැඩක් නැහැ. එයා දන්නේ ලේසියෙන් බදු ගන්න පුළුවන් ජොබ් කරන මිනිස්සු මරලා හරි බදු ගහන්න විතරයි. කස්ටම් එක, දේශීය ආදායම්, සුරාබදු වගේ ආයතනවල සිදුවන දූෂණයන් නවත්තන්න. ඒ බදු නිසියාකාරව අය කරන්න . බදු නොගෙවා ඉන්න ව්‍යාපාරිකයෝ , ඩොක්ටර්ස්ලා , ටියුෂන් කාරයෝ වගේ අයගෙන් හරියාකාරව බදු අය කරන්න. කරන්න පුළුවන් කෙනෙක්ට රට බාර දෙන්න ඡන්දෙ තියන්න.