(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලබන වසර ( 2024) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට හෙට (13) දහවල් 12.00 ට ඉදිරිපත් කෙරේ.
ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරනු ලබන්නේ මුදල් ඇමැතිවරයා වශයෙනි.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14) ආරම්භ කෙරේ. එම විවාදය ලබන 21 වැනිදා දක්වා දින හතක් ( ඉරිදා දින හැර) එක දිගට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
අයවැය දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම මෙම මස 21 වැනිදා අඟහරුවාදා සවස 6.00 ට පැවැත්වීමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මෙම මස 22 වැනිදා බදාදා සිට ලබන මස 13 වැනිදා බදාදා දක්වා ( ඉරිදා දින හැර) දින 19 ක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ( අවසාන ඡන්දය) ලබන මස 13 වැනිදා බදාදා සවස6.00 ට පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයවැය හෙට මැතිසබයට
Asanga Sunday, 12 November 2023 12:52 PM
රටේ ජනතාවට තුට්ටුවක් වත් වාසි නොවන අයවැයක්... මහජන මුදල් නාස්ති නොකර සහන ලබාදෙන්න... නැතිනම් ඔයාලාට කඹුරන්න වෙයි...