
(අංජුල මහික වීරරත්න)
පසුගිය අයවැයෙන් රජය සෑම ක්ෂේත්‍රයක් සඳහාම අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතත් ඒවා නිසි පරිදි අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීම පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචන රැස්වීමේදී අද (15) පැවසීය.
අයවැයකින් වෙන් කෙරෙන ප්‍රතිපාදන එම මූල්‍ය වර්ෂය තුළ නිසි පරිදි අවසන් කර ජනතාවට ප්‍රතිලාභ සැලසීම ප්‍රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
තරුණ කටයුතු, ක්‍රීඩා ඇතුළුව සියලුම ක්ෂේත්‍ර වල මෙතෙක් පැවති ගැටලුව වන්නේ එහි උන්නතිය වෙනුවෙන් නිසි පරිදි අයවැය ප්‍රතිපාදන වෙන් නොවීම බව කී ජනාධිපතිවරයා එහෙත් පසුගිය අයවැයෙන් රජය සෑම ක්ෂේත්‍රයක් සඳහාම අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව සඳහන් කළේය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී 2025 වර්ෂයට අදාළව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 8ක් සඳහා වෙන් කෙරුණු ප්‍රතිපාදන සහ ඊට අදාළ ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය වෙන් වෙන් වශයෙන් සමාලෝචනය කෙරුණු අතර 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.
රටේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම, ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය, ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට ගෙන යාම අරමුණු කර ගනිමින් 2026 වසර සඳහා අයවැය යෝජනා සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළේය.
රටේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය සැලැස්ම සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේදී ක්‍රීඩා සංගම් වල දායකත්වය හැකි උපරිමයෙන් ලබා ගන්නා ලෙසත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් උපදෙස් දුන්නේය.

2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයවැයේ සල්ලි ව්‍යාපෘතිවලට දැමූ හැටි ගැන සතුටු නෑ
සාලිය Friday, 15 August 2025 05:06 PM
රජයේ පවතින ප්‍රසම්පාදන ක්‍රමය යටතේ ප්‍රගතිය ළඟා කර ගැනීම සිහිනයක්...