(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද(22) පස්වරුවේ පැවැත්වේ.
අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් දැනටමත් ප්‍රකාශ කර ඇති හෙයින් ඡන්දයේ ප්‍රතිඵල ආණ්ඩුවට අවාසිදායක වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසේ.
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය දින අටක් පුරා පැවැත්විණ.
විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය 14 වැනිදාය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට(23) ආරම්භ වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd