(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14) ආරම්භ කෙරේ.
දෙවැනි වර කියැවීමේ විවාදය ලබන 21 වැනිදා දක්වා දින හතක් (ඉරිදා හැර) එක දිගට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ලබන 21 වැනිදා සවස 6.00 ට පැවැත්වීමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මෙම මස 22 වැනිදා බදාදා සිට ලබන මස 13 වැනිදා බදාදා දක්වා ( ඉරිදා දින හැර) දින 19 ක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
ලබන වසර ( 2024) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (13) ඉදිරිපත් කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලාම හදනවා ඔයාලාම කියවගන්න, අපේ රටෙ අය වැය කියන්නේ මිනිස්සුන්ට උගන්නලා තියෙන්නේ පඩි වැඩි කරගන්න අවස්ථාවක් විදියට විතරයි, අයවැයක් යනු දියුණු ශිෂ්ටාචාරයක් ඇති රටකටනම් එම රටෙ අනාගත දිශානතිය තීර්ණය කරනු ලබන තීර්ණාත්මක ලියවිල්ලකි...අහෝ ලංකාවට ගිය කලක්...
මේ අයවැය ඉතා මිල අධිකයි